ඡන්දෙ ඉල්ලාගෙන එන ‍සිංහලුන්ට දෙමළ ජනයා හිනා වෙන්නේ මොන පැත්තෙන්ද?


(2010 ජනවාරි 17 -W3Lanka) ජනාධිපතිවරණ උණුසුම තීව්‍ර වීමත් සමග සිංහල ඡන්ද බෙදී යන තත්වයක් තුළ දෙමළ, මුස්ලිම් සුළු ජන ඡන්ද ජයග්‍රහණයේ තීරණාත්මක සාධකයක් වන තත්වයක් පැන නැඟී තිබේ. විශේෂයෙන් ම දෙමළ ඡන්ද ලබා ගැනීම සඳහා දැන් රාජපක්ෂත්, ෆොන්සේකාත් තරගෙට පොරොන්දු දෙති. රෙදි ගලවාගෙන, නළලේ පොට්ටු තබාගෙන කෝවිල් වඳිති. ජනාධිපති මහින්ද රාජපක්ෂනම් සිංහලෙන් ලියාගෙන ටෙලි ප්‍රොම්ප්ටරයෙන් බලාගෙන දෙමළෙන් කතා ද පවත්වයි.


ඔවුහු දේශපාලන සිරකරුවන් නිදහස් කරන බව පවසති. අධි ආරක්ෂක කලාප ඉවත් කරන බව කියති. උතුරු නැගෙනහිර මිහිබට සුරපුර බවට පත් කරන බව කියති. 


එහෙත් ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලෙස බලය බෙදන ආකාරය පිළිබඳ කිසිවෙක් කතා නො කරති. ඒ ඔවුන්ට සිංහල ඡන්ද අහිමි වනු ඇතැයි ඇති බිය නිසා ය. 


මහින්ද රාජපක්ෂ, සරත් ෆොන්සේකා වැනි සිංහල ජාතිවාදීන්ට හදිසියේ ම සිය ගැලවුම්කරුවා දෙමළ ජනයා අතරින් පෙනීම ඔවුනට මහත් හාස්‍යයක් වන්නට ඇතිවාට සැකයක් නැත. 


පහත පළ වන්නේ ප්‍රංශ පුවත් සේවය යාපනයේ දෙමළ වැසියන් කීපදෙනෙකු සමග කරන ලද කතාබහවලදී ඔවුන් පළ කළ අදහස් තුනකි. 

"අපට බෝම්බ දාලා, ෂෙල් ගහලා, අවුරුදු ගණනක් අපේ ගමන් බිමන් සිමා කරලා, ඔවුන් දැන් අපට කියනවා ඔවුන්ට ඡන්දෙ දෙන්න කියලා." -සමාජ වැඩකරු කේ. රාධාක්‍රිෂ්ණන්

"එකපාරට ම සිංහල දේශපානඥයන්ට අප හරි වැදගත් වෙලා." -විශ්‍රාමික තැපැල් ස්ථානාධිපති ජී. සින්නදුරෛ

"ඔවුන්ට හොඳින් ඇහුම්කණ් දුන්නොත් ඔබට තේරෙයි අපේක්ෂකයන් බලය බෙදා ගැනීමේ එකඟතාවක් පොරොන්දු වී නැති බව. ජනාධිපතිට හෝ ජනරාල්ට ඡන්දය දීම හිසරදයට කොට්ටය මාරු කිරීමක් වගෙයි." -ජී. සුබාෂ්

Comments

  1. සිංහලුන්ට අවසානයෙ ඉතිරි වන දෙයක් නැති තරම්..හැමදාම දෙපිල බෙදී මරාගන්නවා හැර සිංහලයින් එකාවන්ව නැගී සිටියෙ කවදාද? අපට අවසානයෙ කුමක් ඉතිරි වෙද?

    ReplyDelete
  2. Sinhalese should always vote against the candidate or the party endorsed by Tamil racists, Muslim extremists, NGOs, the new left and the EU.

    ReplyDelete
  3. We hit them, we beat them until they knock down. Even now we are not prepaired to correct our selves, we sinhalese partly responsible for the suffering experinced by tamil people other than racious tamil elements. We have moral responsibility, including the government to enhance the conditions of lives of innocent tamil people. Everybody who has conscience should ask question himself what happened to him if he underwent such suffering for the sake of teritorial intergrity

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා