පළමු තැපැල් ඡන්ද ප්‍රතිඵලයේ සංඥා

(2010 ජනවාරි 26 -W3Lanka) පළමු තැපැල් ඡන්ද ප්‍රතිඵලය රත්නපුර දිස්ත්‍රික්කයෙනි. 


මහින්ද රාජපක්ෂ 9458 (69.33%)

සරත් ෆොන්සේකා 4143 (30.37%)



තැපැල් ඡන්දයට දින කීපයකට පෙර රජයේ සේවකයන්ගේ පඩි වැඩි කරන බවට හා වැටුප් විෂමතා ඉවත් කරන බවට දැවැන්ත ප්‍රචාරයක් රජය විසින් ගෙන යන ලදී. අඩු වශයෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ හෝ රජයේ සේවකයන් බහුතරයක් මහින්ද රාජපක්ෂ කෙරෙහි විශ්වාසය තබා ඇති බවට ඉගියක් මෙම මැතිවරණ ප්‍රතිඵලය සපයයි. 


මහින්ද රජයේ සේවය පුළුල් කළේය. නිකම් සිට හෝ අඩුවෙන් වැඩ කර හෝ පඩි ගන්නට අවස්ථාව විශාල පිරිසකට ලබා දුන්නේ ය. රජයේ සේවය අකාර්යක්ෂම වීම රජයේ සේවකයන්ට වාසිදායක ය. රජයේ සේවකයන් මෙම තත්වයට මහින්ද රාජපක්ෂට කළ ගුණ සලකනවා විය හැකි ය.


තැපැල් ඡන්ද ප්‍රතිඵල සාමාන්‍යයෙන් නම් අවසාන ඡන්ද ප්‍රතිඵලය හා බොහෝ දුරට සමාන්තර ය. 

කෙසේ වෙතත්, මෙවර ජනාධිපතිවරණයේ උණුසුම තැපැල් ඡන්දයෙන් පසු සති දෙක තුළදී තීව්‍ර විය.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා