උතුර සංවර්ධනයට වෙනම බැංකුවක්

(2010 ජනවාරි 21 -W3Lanka) දෙමළ ඊලාම් විමුක්ති කොටින්ගේ බලපෑමෙන් හා බලපෑමෙන් මුදාගෙන කොළඹ රජය සමග ඈඳන ලද උතුරු පළාත සංවර්ධනය කිරීම සඳහා උතුරු සංවර්ධන බැංකුව නමින් ආයතනයක් පිහිටුවීමට රජය අදහස් කරන බව මහ බැංකු ආරංචි මාර්ග පවසයි.

දැනට පවතින රුහුණු, රජරට, සබරගමු, කඳුරට, ඌව සහ වයඹ සංවර්ධන බැංකු හා සමාන අන්දමින් පිහිටුවීමට නියමිත මෙම නව බැංකුව උතුරු පළාතේ කුඩා ව්‍යපාරිකයන්ට ණය දීම කෙරෙහි අවධානය යොමු කරයි. 

මේ හා සමාන අරමුණු සහිතව ආරම්භ කර දැන් වානිජ බැංකුවක තත්වයට පත් වී තිබෙන ජාතික සංවර්ධන බැංකුව ද පසුගියදා යාපනයේ ශාඛාවක් විවෘත කළේය. 

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා