ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළේ කැරැල්ලක්


(2010 ජනවාරි 15 -W3Lanka) එළඹෙන ජනාධිපතිවරණයේදී සිය ධුරය රැක ගැනීමේ තියුණු අභියෝගයකට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මුහුණ දී සිටින අතරතුර ඔහුගේ නායකත්වයට එරෙහි කැරැල්ලක් පක්ෂය තුළින් ද මතු වී එන තත්වයක් පැන නැඟී තිබේ. 


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැක ගැනීමේ පෙරමුණ ලෙස තමන් හදුන්වා ගන්නා පිරිසක් විසින් මේ වන විට 'අපේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය රැකගනිමු!' යන ශීර්ෂයෙන් යුත් පත්‍රිකාවක් නිකුත් කර තිබේ. පක්ෂ නායකත්වය විසින් පැරණි පක්ෂ නායකත්වය කපා දමා එක්සත් ජාතික පක්ෂයෙන්, ජනතා විමුක්ති පෙරමුණෙන් හා හෙළ උරුමයෙන් පැමිණි පිරිස්වලටත්, රාජපක්ෂ ඥාති හිතවතුන්ටත් පක්ෂයේ හා රජයේ තැන ලබා දීම පිළිබඳව මෙම පත්‍රිකාවෙහි දැඩි විරෝධයක් දක්වා තිබේ. 


ශ්‍රීලනිප අභ්‍යන්තරයේ බොහෝ පිරිස් රාජපක්ෂ පවුලේ ආධිපත්‍යයට එරෙහි මෙම කැරැල්ලට වක්‍රව උදව් කරමින් සිටින බව ද වාර්තා වේ. කලින් චන්ද්‍රිකා බංඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනියට පක්ෂව සිටි පිරිස් නැවතත් ඇය සමග සම්බන්ධකම් අලුත් කර ගනිමින් සිටින බව ද දැන ගන්නට ඇත.



ශ්‍රීලනිපයේ ජ්‍යේෂ්ඨයන් බොහෝ දෙනෙක් දැන් ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ පරාජය වුවහොත් පක්ෂය තුළ රාජපක්ෂ පවුලේ ආධිපත්‍යය බිඳ දමා තමන්ට අහිමි වූ තැන් යළි දිනා ගන්නා ආකාරය පිළිබඳ සැලසුම් සකස් කරමින් සිටින බව ද අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

Comments

  1. පුළුවන් නම් මේ පත්‍රිකාව දැක්ක‍ කෙනෙක් අප්ලෝඩ් කරන්න. අපි කවුරුත් ඒක දකින්න ආසයි.

    ReplyDelete
  2. මම හිතන්නේ මේ බ්ලොග් ලිපියේ කතුවරයා මේ පත්‍රිකාව දකින්න ඇති නේද? අපිටත් බලන්න ඒක පල කරන්න පුලුවන් නම් හොඳයි..

    ReplyDelete
  3. මාස 6කට විත‍්ර ඉස්සෙල්ලා මම මංගල ගැන කියද්දි කවුද එක්කෙනෙක් කිව්වා එයා දැන් අවලන්ගු වුන කාසියක් කියලා.
    ඔන්න එහෙනම් බල ගන්න අවලන්ගු වුන කාසියේ වැඩ.

    ReplyDelete
  4. අපට ලැබුණු මෙම පත්‍රිකාවේ පිටපතක් මෙම සබඳතා පුරුක ඔස්සේ බාගත කර ගත හැකි ය.

    http://www.w3lanka.com/01.pdf

    ReplyDelete
  5. මාත් ඕක download කරල බැලුවා. ඕක ඕනෙම සින්හල ටය‍පින්ග් දන්න එකෙකුට ගහල දාන්න පුළුවන් කොල කෑල්ලක්නෙ බං. හු....

    ReplyDelete
  6. මෙය අපට ලැබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ පිරිසක් වෙතිනි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා