මැතිවරණ ප්‍රචණ්ඩත්වයෙන් හානියට පත් දෙවන මාධ්‍යවේදියා

(2010 ජනවාරි 19 -W3Lanka) ජනවාරි 16දා පුත්තලම මදුරන්කුලියේදී සන්ධාන ආධාරකරුවකුට මරු කැඳවමින් ඇති වූ ගැටුම වාර්තා කිරීමට ගිය ප්‍රදේශීය මාධ්‍යකරුවකුට ද ආණ්ඩු පක්ෂයට සම්බන්ධ මැරයන් විසින් පහර දී ඔහුගේ වීඩියෝ කැමරාව ඇතුළු ආම්පන්න කුඩු කර තිබේ.


මාධ්‍ය ආයතන ගණනාවකට සේවය සපයන නිදහස් මාධ්‍යවේදියකු වන ජූඩ් සමන්ත මෙසේ පහර දීමට ලක්ව ඇති අතර පුත්තලම රෝහලෙන් ප්‍රතිකාර ලබා ගත් ඔහු සිද්ධිය පිළිබඳව මුන්දලම පොලිසියට පැමිණිලි කර තිබේ.


මීට පෙර පොළොන්නරුවේ මැතිවරණ ගැටුමක් වාර්තා කිරීමට ගිය ප්‍රාදේශීය මාද්‍යවේදිනී තක්ෂිලා දිල්රුක්ෂි ද පහර දීමක‍ට ලක් වූවා ය.


Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා