ෆොන්සේකාව කෝටුමස් කරවි ද?

(2010 ජනවාරි 29 -W3Lankaමේ දිනවල ආණ්ඩුවේ දේශපාලනඥයන් සහ නිලධාරීන් පවසන පරිදි ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා භයානක කුමන්ත්‍රණයක් දියත් කර තිබේ. 


තමා බෝගම්බර සිරගත කිරීමටත්, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා ගාලු මුවදොර පිටියට ගෙන ගොස් ඝාතනය කිරීමටත් සැලැසුමක් තිබුණු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ මාධ්‍ය ප්‍රධානීන් හමුවේ ප්‍රකාශ කෙළේය.



ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු ජනාධිපතිවරයා අරලියගහ මන්දිරයේ සිට ජනාධිපති මන්දිරයට ගමන් ගනිද්දී ලේක්හවුස් වටරවුමේ දී හෝ ගාලු පාරේ දී මේ ඝාතනය කිරීමට සැලැසුම් කර ඇති බව ද ඝාතනය සඳහා හමුදාවෙන් පැන ආ අය සහ විශ්‍රාමික පුද්ගලයින් යොදා ගැනීමට ෆොන්සේකා කටයුතු කර ඇති බව ද ඒ සඳහා කොළඹ සුපිරි හෝටල් දෙකක කාමර 70 ක් ද වෙන්කර තිබී ඇතැයි ද ජාතික ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ලක්ෂ්මන් හුළුගල්ල පැවසූ බව දිනමිණ පුවත්පත වාර්තා කරයි.


ෆොන්සේකා විසින් ජනාධිපති ඝාතනය සඳහා සකසා තිබෙන්නේ ඉතා මෝඩ සැලැස්මකි. රහස් ඔත්තු සේවා ඔහු පිළිබඳ සියුම් ලෙස නිරික්ෂණය කරමින් සිටියදී ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් මෙහෙයවන්නට ඔහු කොළඹ හෝටල් කාමර වෙන් කරගෙන තිබේ. කාමර හැට හැත්තෑවක් වෙන් කර ගනිද්දී එච්චර මොකටදැයි හොටල් ‍කළමනාකරණය ඇසූ විට තමන් ජනාධිපති ඝාතනය කරන්නට යන බව ෆොන්සේකා කියා ඇති බවට ද ආරංචි පැතිර යමින් තිබේ. 


ජනාධිපතිට සපයා ඇති ආරක්ෂාව ගැන පවා නො තකා එතුමන් අරලියගහ මන්දරයේ සිට ජනාධිපති මන්දිරයට යන්නේ යයි සිතාගෙන පාර අයිනේ රැක සිට එතුමා මරන්නට සැලසුම් කර තිබේ. ජනාධිපතිතුමා කොල්ලුපිටියේ සිට කොටුවට නො පැමිණ මැදමුලනට යන්නට ඉඩ තිබුණු බව පිළිබඳවවත් ඔහු සිතා නැති බව පෙනේ. කෙසේ වෙතත්, දැන් මේ කුමන්ත්‍රණය පිළිබඳ තොරතුරු ආණ්ඩුව හෙළිදරව් කරගෙන තිබේ. ජනාධිපති ඝාතනය කරන්නට කුමන්ත්‍රණ කිරීම සෙල්ලමක් නොවේ. 


වහා ම ෆොන්සේකා අත්අඩංගුවට ගත යුතු ය. නීතිය  හමුවට ගෙන ආ යුතු ය. ඔහු හිටපු හමුදාපතිවරයෙක් නිසා කෝටුමස් කරන්නට පවා ඉඩක් ඇත. කෝටුමස් කරනවා යන ගැමි යෙදුම බිඳී ආවේ කෝට් මාෂල් කරනවා යන මිලිටරි යෙදුමෙන් බව වාග් විද්‍යාඥයෝ පවසති. 

Comments

  1. නියමයි... සෑහෙන කාලෙකින් මම කියවපු හොඳම විහිළුව :D

    ReplyDelete
  2. මේවා අහලා අපිට හිනා කාලා පණ යනවා.

    ReplyDelete
  3. රජුට විරුද්ධව නැගී සිටීමට දඬුවම - මරණය

    අර මැම්බරයෙක්ද මොකෙක්ද එකෙක් කියලා තිබ්බේ රාජපාක්ෂික බාව වගේ උතුම් ගුණ තාම අපේ මිනිස්සු ගාව තියෙනවා කියලා. භාෂණයේ නිදහස වගේ බටහිර සිරිත් අපිට ඕන නෑ කියන්නේ.

    බලමු ඉස්සරහට වෙන්නේ මොකද්ද කියලා.

    ReplyDelete
  4. hulugalle is a good script writer. we look forward to the film " the day of the jackal- SL version"

    ReplyDelete
  5. PPL can recall memories on the days of JR regime.
    JR also said that there was a Naksalite incident and Vijaya K was arrested.

    the history speak again

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා