ඡන්දෙ දෙන්න පෙර සිතා බලනු!


උතුරේ ඡන්ද වර්ජනය වෙනුවෙන් එල්ටීටීඊයට බෝට්ටු ගන්න බැසිල් රු.මිලියන 180 ක් දුන් අයුරු ටිරාන් හෙළි කරයි
(ලංකා ඊ නිව්ස් -2010 ජන.24, ප.ව.7.20) දෙදහස් පහේදී තමා මාර්ගයෙන් එමිල් කාන්තන් හඳුනාගත් බැසිල් රාජපක‍ෂ මහතා පසුගිය ජනාධිපතිවරණයේදී එල්ටීටීඊය ලවා උතුරේ ඡන්ද වර්ජනය කර දීම වෙනුවෙන් තමා ඉදිරියේදී ඔහුට රු.මි. 180 ක් දුන් බව ශ්‍රී ලංකා නිදහස් පක‍ෂ මහජන පාර්ශවයේ ලේකම් ටිරාන් අලස් මහතා අද (24) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී හෙළි කෙළේය.

පෙරේදා පාන්දර බෝම්බ ප්‍රහාරයකට ලක්ව විනාශ වූ ඔහුගේ නිවස ඉදිරියේදී මෙම විශේෂ මාධ්‍ය හමුව කැඳවූ අලස් මහතා වැඩිදුරටත් පැවසුවේ එමිල් කාන්තන් පසුව පැවැති හමුවකදී බෝට්ටු මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 180 ක් ඉල්ලා සිටි බවත් කිසිදු පැකිලීමකින් තොරව බැසිල් රාජපක‍ෂ මහතා එම මුදල එමිල් කාන්තන්ට තමා ඉදිරිපිටදීම ලබාදුන් බවත්ය.



ටිරාන් අලස් මහතා මෙම මාධ්‍ය හමුවේදී මෙසේද ප්‍රකාශ කළේය.

"පසුගිය සිකුරාදා මා ඔබට ප්‍රකාශ කළේ මගේ ගෙදරට බෝම්බ ගැසීමට හේතුව එමිල් කාන්තන් හා නාමල් රාජපක‍ෂ එකට සිටින ඡායාරූපය මාධ්‍යට නිකුත් වීම බව. බ්‍රහස්පතින්දා අපට ලැබුණු තොරතුරු අනුව මේ ඡායාරූපය මාධ්‍යට ලැබීම ගැන ජනාධිපතිවරයා කෝප වී සිටියා. ඒ බව මංගල සමරවීර මන්ත්‍රීවරයා මාධ්‍ය හරහා හෙළිදරව් කළා.

"මේ එමිල් කාන්තන් කියන පුද්ගලයා ගැන ඉතිහාසයක් තිඛෙනවා. අද වෙනකං මා මේගැන ප්‍රසිද්ධියේ කථා කළේ නැහැ. එමිල් කාන්තන්ව මා හඳුනාගත්තේ 2002 දී. ඔහු පුනරුත්ථාපන අමාත්‍යංශයේ එවකට සේවය කළා. ඔහුව මට හඳුන්වා දුන්නේ ජයලත් ජයවර්ධන මන්ත්‍රීවරයා. ඔහු මේ බව ත්‍රස්ත විමර්ෂණ ඒකකයේදී පිළිගත්තා.

"එමිල් කාන්තන්ව හඳුනා ගැනීමට මූලික වූණේ මගේ සමාගම ඩයලොග් සමාගම හා එක්වී සටන් විරාම කාලයේදී උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජංගම දුරකථන අලෙවි කිරීම ආරම්භ කරපු නිසා. සමහර දේවල්වලදී ඔහුට මට උදව් කළ හැකි නිසා මට ඔහුව හඳුන්වා දුන්නා.

"2004 මහ මැතිවරණයෙන් පසු මංගල සමරවීර මහතා ගුවන් සේවා ඇමැතිවරයා වුණාට පස්සේ මා ගුවන් සේවා අධිකාරියේ සභාපති වුණා. ඊට පසුව 2005 ජනාධිපතිවරණය ආව. මාව එහි කමිටුවකට පත්කර තිබුණා. එවකට අගමැති මහින්ද රාජපක‍ෂ මහතා දිනක් අරලියගහ මන්දියේදී මට පැත්තකට කථා කරල ඔහු මගෙන් ඇහුවා ඔයා ඒ පැත්තෙ අය දන්නව නේද? මට එල්ටීටීඊ එකත් එක්ක සාකච්ඡා කරන්න ඕන කාව හරි හඳුන්වා දෙන්න කියලා.
   
"මම කිව්ව මම එමිල් කාන්තන් කියල කෙනෙක් ගැන දන්නවා. ඔහු එල්ටීටීඊ එකේ අය දන්නවා. ඔහු කොළඹ ව්‍යාපාර කරමින් ඉන්නවා. මට ඕන නම් ඔහුව හඳුන්වා දිය හැකියි කියා. එවිට මහින්ද රාජපක‍ෂ මහතා මගෙන් ඇහුව බැසිල් රාජපක‍ෂ මහතා හඳුනනවාද කියා. ඒ වෙනකොට මා ඔහුව දැක තිබුණෙ නැහැ. පසුව ඔහු මට හඳුන්වා දී එමිල් කාන්තන්ව හඳුන්වා දෙන්නැයි මහින්ද රාජපක‍ෂ අගමැතිවරයා මගෙන් ඉල්ලා සිටියා.

"පසුව මා එමිල් කාන්තන්ට බැසිල්ව හඳුන්වා දුන්නා. එදා සිට බැසිල් හා එමිල් අතර සාකච්ඡා පැවතුනේ මහින්ද රාජපක‍ෂ මහතාට ජනාධිපතිවණයේදී එල්ටීටීඊයේ සහාය ගන්නේ කොහොමද කියල. 2005 නොවැම්බර් මාසය කිට්ටු වන විට බැසිල් රාජපක‍ෂ එමිල්ගෙන් ඉල්ලා සිටියා මේ සම්බන්ධය තහවුරු කර ගැනීම සඳහා එල්ටීටීඊය පැත්තෙන් යමක් කළ යුතු බවත් ඒ සඳහා ඔවුන් ඉල්ලන ඕනෑම දෙයක් දිය හැකියි කියා. ඒ සමග එමිල්ට කියා සිටියා උතුරු නැගෙනහිර ඡන්ද වර්ජනයක් කර දිය හැකි නම් දකුණේ ඡන්දයෙන් මහින්දට ජනාධිපති විය හැකි බව.


"පසු දිනෙක එමිල් කියා සිටියා zබැසිල් ඔයා එදා ඇහුව නේද අපිට මොනව හරි ඕන නේද කියල. අපට බෝට්ටු වගයක් ගන්න අවශ්‍යයි. ඒ සඳහා මිලියන 180 ක් යනව කියලා. එවිට බැසිල් කිව්ව කිසිම ප්‍රශ්නයක් නැහැ ඒ මුදල අපි දෙන්නම් කියල.

"ඊට පසු දවසක බැසිල් හා එමිල් මුණ ගැසුනා. නමුත් එදා මා හිතපු නැති දෙයක් වුණේ. බැසිල් ආවේ ලොකු ට්‍රැවලින් බෑග් කීපයක් අරගෙන.

"මා මේව අද කියන්න පෙර මේ සියලූ දේවල් 2007 දී ත්‍රස්ත විමර්ෂණ ඒකකයේ කටඋත්තර සඳහා දීපු දේවල්. නමුත් මේ දෙවල් මා දැන් හෙළි කරන්නෙ ඔවුන් මා මරන්න උත්සාහ ගත් නිසයි.

"බැසිල් එම මිලියන 180 ක මුදල දුන්නෙ එල්ටීටීඊය හා මිත්‍රත්වය තහවුරු කර ගන්නයි.

"මා මේ කටඋත්තර දෙද්දී ඔවුන් ඉතා අපහසුතාවයට පත්වී මා කියන දේ නොලිය ඉන්න උත්සාහ කළා. නමුත් මා කිව්ව මා කියන දේ නොලිව්වොත් මා අත්සන් කරන්නෙ නැහැ කියා. පසුව ඔවුන් මා රඳවා තබාගෙන සිට සියලූ චෝදනා ඉවත් කරගෙන මා නිදහස් කළා.


(පසුගියදා පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අනුර දිසානායක මන්ත්‍රීවරයා නාමල් රාජපක‍ෂ හා එමිල් කාන්තන් එකට එක්ව ගත් ඡායාරූපයක් පෙන්වූ අයුරුත් එම ඡායාරූපයත් පහත පළවේ- රවුමකින් දක්වා ඇත්තේ එමිල් කාන්තන් ය)
ඡායාරූපය හා සටහන: සංජය දසනායක

Comments

  1. Why he comes up with this now. becasue he was attacked. he could have said these , when mangala, ranil, somawansa agrred to help G SF. this T alles, mangala and Sripthi are founding culprits of all this.
    Is there any legal way to take these people to court?

    ReplyDelete
  2. Can someone explain the logic of this?

    BASIL gives money to EMIL (Tiran A)

    EMIL gives money to NAMAL (Anura D)

    Can't Basil give that money to Namal directly?

    or

    BASIL gave Rs. 180 mn to EMIL (Tiran A)
    EMIL gave Rs. Billions to NAMAL (For Tharunyata Hetak Ads - Anura D)

    Is investing with Emil give more profit than investing with Sakwithi Ranasinghe, Danduwam Mudalali or Lalith Kothalawala?

    Like to know more about this?

    ReplyDelete
  3. @ meghananda

    සිම්පල් කතාවක් ඔතන තියෙන්නෙ.
    බැසිල් සල්ලි දුන්නය කියල කියන්නෙ 2005
    එමිල්කාන්තන් නාමල් එක්ක පින්තූරෙ ගන්නෙ 2009
    ඔතනයි වෙනස.

    ReplyDelete
  4. really an eye opener for me.

    - Robson

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා