ලංගම මග මරුවන්ගේ බස් රේස් හා මහින්දගේ බස් පෙළපාලි


(2010 ජනවාරි 16 -W3Lanka) කොළඹ සිට ඇඹිලිපිටිය බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථ දෙකක් අපරීක්ෂාකාරී ලෙස තරගයට ධාවනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස කුරුවිට ප්‍රදේශයේදී තුන් හැවිරිදි දරුවකු මරු මුවට පත් වී, තවත් තිදෙනෙකු තුවාල ලබා, වාහන පහකට හානි සිදු වී තිබේ. 

මෙම බස් රථ දෙක උඩහමුල්ල හා කිරිඳිවැල ඩිපෝවලට අයිති ඒවා ය. කොළඹ සිට ඇඹිලිපිටිය දක්වා දිනකට ධාවනය වන්නේ බස් රථ සීමිත සංඛ්‍යාවකිත එයිනුත් වැඩි හරිය පෞද්ගලික බස් ය. මේ දිනවල ලංගම බස් වැඩි හරියක් කරන්නේ මහින්ද රාජපක්ෂගේ රැස්වීම්වලට ඈත පළාත්වලින් සෙනග ඇදීමයි. එහෙම තිබියදීත් මෙසේ ඩිපෝ දෙකක බස් දෙකක් එක පෙළට තරගෙට ධාවනය වීමෙන් පෙනී යන්නේ කිසිදු ආකාරයක කාලසටහනක්වත් පවත්වාගෙන යන්නට ලංගම අසමත් වී ඇති බවයි. 



පසුගිය දිනෙක අප පාඨකයකු අපට කී කරුණක් වූයේ මහනුවර තෙල්දෙනියේ සිට ඉතා දුෂ්කර ඈත පිටිසර ගමක් වූ වේඬරුව දක්වා ධාවනය වන එක ම බසය පවා මහින්ද රාජපක්ෂගේ රැස්වීම්වලට සෙනග අදින්නට යොදවා තිබුණු හෙයින් පාසල් පහක ගුරුවරුන්ට පාසලට යාමට ක්‍රමයක් නො තිබිණි. 


මහින්දගේ රැළි පැවැත්වෙන ප්‍රදේශවලට ලංකාවේ සියලු ඩිපෝවලින් බස් පැමිණීම දැන් සාමාන්‍ය දෙයක් බවට පත් වී තිබේ. මෙම බොහෝ බස් රථවල ගමන් කරන්නේ ආසන සංඛ්‍යාවට වඩා බෙහෙවින් අඩු පිරිසකි. බස් කෙතරම් ආවත් රැස්වීම් අවසන් වූ පසු බොහෝ දෙනෙකුට ආපසු යන්නට ක්‍රමයක් නැත. 


පසුගිය කාලය පුරා ම ලංගම ඩිපෝවලට සේවය සඳහා බඳවා ගනු ලැබුවේ දේශපාලන අතවැසියන් වන අතර බඳවා ගන්නා ලද ඇතැම් රියදුරන් බසයක් තබා ත්‍රිරෝද රියක්වත් පදවා පළපුරුද්දක් නැති අයයි. ලංගම පවත්වාගෙන යන්නට අවශ්‍ය තරම් රියදුරන්, කොන්දොස්තරවරුන් හා කාර්ම්කයන් තවමත් හිඟමුත් ලිපිකරුවන්, ආරක්ෂක නිලධාරීන් ආදීන්ගෙන් ඩිපෝ පිරී ඇත. එක් බසයකින් ලංගම හා සම්බන්ධ විවිධ සේවකයන් විශාල පිරිසක් වැටුප් ලබා ගන්නට සිටින නමුත්, රියදුරන්, කොන්දොස්තරවරුන් හිඟ බැවින් හා සුළු කාර්මික දෝෂයක් නිවැරදි කරන්නට කාර්මිකයකු නැති බැවින් බොහෝ බස් ධාවනය කර ගත නො හැකි බව ‍ලංගම සේවකයෝ පෙන්වා දෙති. 


තමන්ගේ පාලනය යටතේ ඇති ලංගම මෙවන් තත්වයක පවතිද්දී පෞද්ගලික බස් සේවා විධිමත් කරන්නට ප්‍රවාහන ඇමති ඩලස් අලහප්පෙරුම දුන් පොරොන්දු ගැන කතා කිරීමේ තේරුමක් තිබේද?

Comments

  1. There is no liability to pay compensation until the court decide.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා