අප පරමය ඔබ තව කල්පයකට!


(2010 ජනවාරි 27 -W3Lanka) නිකුත් වෙමින් තිබෙන ප්‍රතිඵල අනුව ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ විශිෂ්ඨ ජයක් ලබා ගන්නා බව පැහැදිලි ය. පූර්ව මැතිවරණ සමයේ අතිශය දූෂිත ප්‍රචාරණය හා මැතිවරණය දිනයේ සිදු වූ සුළු සිද්ධීන් පවා මෙම අවසන් ප්‍රතිඵලයට සැලකිය යුතු බලපෑමක් කර ඇති බවක් නො පෙනේ. 


එම ප්‍රතිඵල අනුව එක් 'රජ' පවුලක් විසින් කරනු ලබන මෙම පාලනය ලංකාවේ ජනතාවගෙන් අති බහුතරය අනුමත කර තිබේ. දූෂණය, අවනීතිය, ප්‍රජාතන්ත්‍ර විරෝධය, ජාතිවාදය, ජම්බෝ කැබිනට්ටුව, අධික බදු බර, බඩු මිළ, කොමිස්, මර්වින් සිල්වා, විමල් වීරවංශ, ජැක්සන් ඇන්තනි ආදී එකී මෙකී සියලු ප්‍රපංච ද ලංකාවේ බහුතරයක් ජනතාව හිස් මුදුනින් පිළිගෙන තිබේ. 

එම ප්‍රතිඵල අනුව, එය ඉතා ප්‍රජාතන්ත්‍රවාදී තීරණයකි. මෙකී 'දුර්ගුණ'  පිළි ගත නො හැකි අයට දැන් තිබෙන්නේ ග්‍රීන් කාඩ් අයදුම් කිරීම හෝ බෝට්ටුවල නැඟී ඕස්ට්‍රේලියාවට හෝ ඉතාලියට පලා යාම ය. 


රූකාන්ත මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් ගැයූ ගීතය අසන්න. එහි එක් පදයක් අපට තේරෙන අන්දමට නම් 'අප පරමය ඔබ තව කල්පයකට!'


ඔබට සුබ අනාගතයක්!




Comments

  1. යකාගෙ හැටියටලු විමානය. ජනතාව ගෙ හැටියටලු පාලකයො.ඵකී 'දුර්ගුණ' හිස් මුදුනින් පිළිගත් නිසාද? නොදන්න SF ගෙ 'දුර්ගුණ' මේ 'දුර්ගුණ' වලට වඩා ඩබල් වෙලා ආවොත් කාට කියන්නද කියලද?

    ReplyDelete
  2. කාලයක් තිස්සෙ අපේ මිනිස්සුන්ට ඉතුරු වෙල තිබුනෙ හර්ද සාක්ශිය විතරයි.අද ඒකටත් කැටයම් දාල,රැප් කරලා,මොඩ් කරලා,අනුන්ගෙ අච්චුවකට හදපු අනුරුවක් කරලා.අනාගතය තියා මොන බඩකඩුත්තුව ගැනවත් මොකට වද වෙවි හිතනවද,,,,,,,,,, ????අපි වෙනුවෙන් හිතන්න,මෙච්චර හිතවතුන් ඉන්න රටක,මොකටද වෙනසක්??තුන් වේලම බඩගින්නෙ හිටියත්,ඉගෙන ගන්න දුප්පත් එකාට පුද්ගලික වය්ද්ය විද්යාල වල දොර වහුනත්,ආත්මය පාවා දීමෙ කලාව ප්‍රගුනකරන්න ගෙදර ඉදන්ම පහසුකම් සලසල දීල තියෙන රටක මොකට මේ මනාපයක් ගන තැවෙනවද මන් අහන්නෙ????ඔහොම යන්කො........සුභ අනාගතයක්ම වෙවා!!!!

    ReplyDelete
  3. මිනිස්කමක් නැතත් "කෘතවේදී" සන්හතියක් වීම මොනතරම් ආඩම්බරයක්ද?මොනව නැතත් අපෙ පොඩි වුන් ලොකෙ හොඳම කුඩුකේඩුකාර,විරුද්ධවාදියාට මැරෙනකල් එලව එලවා "කෘතවේදීකම" පෙන්නන
    අමනයන් වීම කාටනම් වැලකිය හැකි වේද????

    ReplyDelete
  4. රජෙය් ෙස්වකයන් බඩෙගා්ස්තරවාදි ෙනාවන බව ෙහාදට ප්‍රතිඵල වලින් ෙප්නවා.නැත්නම් වැඩිය ගන්න ෙදන්ෙන් ෙපාන්ෙස්කාට ෙන්ද.

    ReplyDelete
  5. subhashine,

    ඊයේ පෙරේදාද ලංකාවට ගොඩබැස්සේ?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා