ජනමත සමීක්ෂණ සුපර් ස්ටාර් තරගයෙන් රෝ.ල. පියදාස මුල් තැනට


(2010 ජනවාරි 14 -W3Lanka) මේ දිනවල ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණය ජය ගන්නා ප්‍රතිශතය ප්‍රකාශයට පත් කිරීමේ ජනමත සමීක්ෂණ සුපර් ස්ටාර් තරගයක් රජයේ මාධ්‍යවල අනුග්‍රහයෙන් පැවැත්වේ. 

දැනට මෙම ජනමත් සමීක්ෂක  සුපර් ස්ටාර් තරගයේ ඉදිරියෙන් සිටින්නේ කැලනිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන ආචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස ය.



පහත පළ වන්නේ ඔහුගේ සමීක්ෂණය පිළිබද පසුගිය ජනවාරි 08දා අප පළ කළ වාර්තාවක කොටසකි. 

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සිසුන් ඇතුළු සියයක පමණ සමීක්ෂණ කණ්ඩායමක් සමග අවුරුදු දහ අටේ සිට විවිධ වයස් කාණ්ඩයන්හි පිරිස් යොදාගෙන ජනාධිපතිවරණය පිළිබඳ දිස්ත්‍රික්ක විසිපහම නියෝජනය වන පරිදි ස්වාධීනව පවත්වන ලද පූර්ව සමීක්ෂණයක් අනුව, 73.32% ක් ප්‍රතාශ කරනු ලැබුවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයේ ජය ගන්නා බව යයි කථිකාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසයි.


"විශ්‍රාමික ෆොන්සේකා මහතා ජයග්‍රහණය කරන බවට 24.17% ප්‍රමාණයක් පමණක් ප්‍රකාශ කරනු ලැබුවේ ය. මෙම සමීක්ෂණය අනුව යුද්ධය ජය ගැනීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුල් වූ බවට 63.10% ක් ප්‍රකාශ කළ අතර ඒ සඳහා ෆොන්සේකා මහතා මුල් වූ බව ප්‍රකාශ කර තිබෙන්නේ 17.04%ක ප්‍රමාණයක් පමණි. මෙම වකවානුවේ ජනතාවට වඩාත් දැනුණු දේශපාලන දැන්වීම ලෙස ‘තාරුණ්‍යයට හෙටක්’ දැන්වීම සඳහා වැඩිම ජනතා ප්‍රසාදය ඇතැයි මෙම සමීක්ෂණයේ දී තහවුරු විය," යි ඔහු අද දිනමිණ පුවත්පතට පවසයි. 


මේ රෝහණ ලක්ෂ්මන්ට කිට්ටුම තරගය දුන් එන්.එම්. ප්‍රදිනන්දුගේ වාර්තාවයි. 



ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 67% ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගන්නා බව ශ්‍රී ලංකාව පුරා කරන ලද සමීක්ෂණයකින් තහවුරු වී ඇතැයි එක්සත් ජාත්‍යන්තර සංවර්ධන පදනම ප්‍රකාශ කරයි.

එක්සත් ජාත්‍යන්තර සංවර්ධන පදනම ඒ ඒ දිස්ත්‍රික්කවල සියලු ක්ෂේත්‍රවල ජනතාව හමුවී ලබාගත් තොරතුරුවලට අනුව මේ කරුණු අනාවරණය වී ඇත.

මේ සංවිධානය මගින් කරන ලද සමීක්ෂණවලට අනුව ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා මහතා 33% ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගනු ඇතැයි එම සංවිධානය පවසයි. එක්සත් ජාත්‍යන්තර සංවර්ධන පදනමේ සාමාජිකයන් 100 ක් පමණ පසුගිය සති තුනක කාලයක් පුරා සියලු දිස්ත්‍රික්කවල ජනතාව මුණගැසී කරුණු විමසූ බවත් දිස්ත්‍රික්කයකින් 500කට වැඩි ජනතාවක් මුණගැසුණු බවත්, ඔවුන් ප්‍රකාශ කළ කරුණු පදනම් කරගෙන මේ සමීක්ෂණය සිදුකළ බවත් එම පදනමේ සභාපති එන්. එම්. ප්‍රදිනන්දු මහතා දිනමිණට ප්‍රකාශ කෙළේය.

මේ සමීක්ෂණය සඳහා කොළඹ දිස්ත්‍රික්කය 2800 ක පමණ නියැදියක් යොදාගත් බවද ඒ මහතා ප්‍රකාශ කෙළේය. (උපුටා ගැනීම: අද දිනමිණ)

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා