‘බලපෑම් වලට යට නොවී මැතිවරණ රාජකාරි අකුරට ඉටුකරන්න’ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සදහා නීතිඥ සංගමයෙන් රජයේ නිලධාරීන්ට ආයාචනයක්

ප‍්‍රශ්නයකදී මැදිහත් වන්න නීතිඥවරුන් 300ක් ලෑස්තියි
(2010 ජනවාරි 21 -W3Lanka) ජනවාරි 26 වන දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය නිදහස්ව හා සාධාරණව පැවැත්වීමට සදහා මැතිවරණ රාජකාරීවල නිරත වන රජයේ නිලධාරීන් සහ ආරක්ෂාව භාරව සිටින පොලිස් නිලධාරීන්ට විශේෂ වගකීමක් පැවරී ඇතිබව ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා නීතිඥ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් අවධාරණය කරයි.
‘තම රාජකාරිය නීතියට සහ හෘදය සාක්ෂියට අනුකූලව කිසිදු බලපෑමකට යට නොවී අපක්ෂපාතීව ඉටු කරන ලෙස එම නිලධාරීන්ට ආයාචනා කරන බවද එසේ රාජකාරිය ඉටු කිරීමේ හේතුවෙන් කිසියම් හිරිහැරයකට භාජනය වන  ඕනෑම නිලධාරියෙකු වෙනුවෙන් මැදිහත්වීම සඳහා තම සංවිධානයට අයත් නීතිඥවරුන් 300කට අධික පිරිසක් සූදානමින් සිටින බවද’ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සදහා නීතිඥ සංගමයේ කැදවුම්කරුවන් වන ජ්‍යේෂඨ නීතිඥ ලාල් විජේනායක සහ කේ.එස් රත්නවේල් යන මහත්වරු ප‍්‍රකාශ කළහ.


මේ පිළිබද පැමිණිලි 0777812010 අංකය මගින් ලාල් විජේනායක මහතාට දැනුම් දිය හැකියි.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා