ප්‍රභාකරන්ට පවා බිය නොවූ මහින්ද පබාට බියෙන් මව්-දරු කෙටවුම් කරන්නේ ඇයි?



(2010 ජනවාරි 12 -W3Lanka) ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වන තුට්ටු දෙකේ වැල නාට්‍යයක් වූ පබාහි පෙනී සිටින (රඟපෑමක් නොවේ) අදක්ෂ නිළියක් වන උපේක්ෂා ස්වර්ණමාලි විපක්ෂ ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකාගේ වේදිකාවට නැඟීම පිළිබඳ 'සංවේදී' නායකයා කෙතරම් බිය වී තිබේ ද යත් මහින්දගේ (මහින්ද අබේසුන්දරගේ) ආගිය කතා ලියන දිනමිණ පත්තරේ පබාගේ අම්මා මෙසේ කියන්නේ යයි ටොම් පචයක් ලියවන්නට පවා පෙළඹී තිබේ. ඒ වගත් මෙසේ ය:

මගේ දුව උපේක්ෂා දේශපාලනයට විකුණනවා


‘පබා’ගේ මවගෙන් චෝදනාවක්


‘’මගේ දුව පබා යම් පුද්ගලයකු දේශපාලන වාසිතකා විකුණනවා’’ යැයි උපේක්ෂා ස්වර්ණමාලිගේ (පබා) මව ප්‍රකාශ කරයි.
අපි එදා සිටම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට හිතවත්. අපට නිදහසේ පාරක බැහැලා යන්න සැලැස්සුවේ එතුමා’ බව පබාගේ මව වන නිර්මලී ද සිල්වා කියා සිටී. මේ සම්බන්ධයෙන් දිනමිණට විශේෂ ප්‍රකාශයක් කරන ඇය මෙසේ ද ප්‍රකාශ කරයි.
‘මගේ දුව උපේක්ෂාට නිළියක් ලෙස ජනප්‍රිය වන්න ‘පබා’ ටෙලි නාට්‍යයෙන් ස්වාධීන රූපවාහිනිය බොහෝ උපකාරී වුණා.

ඇය රඟපෑමට දක්ෂයි. ඔය ළමයා දේශපාලනය කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නෑ. පක්ෂයක පාට මොකක්ද කියලාවත් දන්නේ නෑ.
දේශපාලනය පිළිබඳව ප්‍රශ්න පහක් අහන්න, ඒ ළමයා උත්තර දෙන්න දන්නේ නෑ. එහෙම ළමයෙක්ව අට පාස්වෙච්ච නැති පුද්ගලයෙක් අපෙන් පැහැර ගත්තා. අද උපේක්ෂාට මට කතා කරන්නවත් දෙන්නේ නෑ.

ඔය පුද්ගලයාට කැස්බෑණ ආසන සංවිධායකකම දෙනවා කියලා එ.ජා.පයේ නායකයෙක් පොරොන්දු වෙලා තියෙනවා. ඒකට හිලව්වට මගේ දුව උපේක්ෂාව අද එජාපයට විකුණලා. ඒ ළමයා දන්න දේශපාලනයක් නෑ.
කතා කරන කොට ගැහෙනවා. ගොත ගහනවා, මේවා මේ එජාපයේ ඉන්න බලයට කෑදර මිනිස්සු කරන කැත වැඩ.
නළු නිළියන් සියල්ල අද මහින්ද රාජපක්ෂ මහත්තයට සහයෝගය දක්වනවා. මේ ළමයට පිස්සුවද මන්දා කොහේද යන මිනිහෙකුට සහයෝගය දක්වන්නේ. දුවව ජනරාල්ගේ වේදිකාවට ගේන්නේ තර්ජනය කරලායි. ඒ ළමයා දැන් අසරණයි.

ජනාධිපතිතුමාට පින් සිද්ධ වෙනවා මේ ළමයාව මෙතනින් බේරා දෙන්න. ඒ ළමයාව අද අර නැහැදිච්ච අට පාස් නැති පුද්ගලයාගේ හිරකාරියක් වෙලා. අපි හැමදාම ශ්‍රී.ල.නි.පයට හිතවත් අය. පසුගිය ඡන්දවලදී අපි අපේ ඡන්දය දුන්නේ සන්ධානයට මේ පාර ඡන්දය දෙන්නේ මහින්ද මහත්තයට.


මේ ඡායාරූපයේ පබාත් ඇගේ මවත් එක පුවත්පත් සාකච්ඡාවකට වෙමින් පවසන්නේ දිනමිණ කතාව ප්‍රබන්ධයක් බවයි.

ප්‍රභාකරන්ට පවා බිය නොවූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පබාට බිය ඇයි? පහත පළ වන්නේ පැරණි විහිළු කතාවක් ඇසුරෙන් අපේ පාඨකයකු ප්‍රබන්ධ කළ අලුත් කතාවකි.


හේතුව මෙයයි. මහින්ද මහජනතාවට බය ය. මහජනතාව පොලිසියට බය ය. පොලිසිය (කඩුවෙල වසන්ත වැනි) පාතාල චන්ඩින්ට බය ය. කඩුවෙල වසන්ත පබාට බය ය. ඒ නිසා මහින්ද රාජපක්ෂ ද පබාට බය ය.


නාමල් රාජපක්ෂගේ තාරුණ්‍යයට හෙටක් දැන්වීම්වල පෙනී සිටි කලාකරුවන් අතර මේ දිනවල කෙරෙමින් ඇති කතාබහක් වන්නේ "නො හිටිය නම් අපටත් ඕක තමයි වෙන්නේ" යන්නයි. 



උපේක්ෂාට රඟපාන්නට බැරිකම වෙන දෙයකි. එහෙත් රස වින්දන ශක්තියක් නැති රූපවාහිනී ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වීමෙන් ඇය පළ කළ දක්ෂතාව ඒ ප්‍රජාව අතරේ ජනප්‍රිය වීම සඳහා මෙවැනි අවර ගණයේ ටෙලි නාට්‍යවල පවා රඟපාමින් උත්සාහ කර තිබෙන මහින්ද රාජපක්ෂගේ ඊර්ෂ්‍යාවට හේතු වී ඇති බව පෙනේ.

උපේක්ෂාගේ අප අගය කරන ගුණාංගය වන්නේ ජනප්‍රිය කලා සමාජය වසා පැතිර ඇති භීෂණයේ කඩතුරාව ඉරා දමමින් තමන් කැමති අපේක්ෂකයකුට සහාය දෙන්නට තරම් ඇය නිර්භීත වීමයි. 


ලොව සියලු මානව සම්බන්ධතාවන් අතරින් උතුම් ම සම්බන්ධය වන්නේ මව හා දරුවන් අතර තිබෙන සම්බන්ධයයි. දරුවන් හා මව්වරුන් කෙටවීම යනු ආනන්තරීය අකුසල කර්මයකට පමණක් දෙවන වන පාපයකි. දේශපාලකයන් මෙවැනි පාපකර්ම සිදු කිරීමට තරම් අසංවේදී වන්නේ මහජන බලයට ඇති බිය නිසා ය.

Comments

  1. පබා නාට්‍යයේ ඇගේ චරිතය කෙසේ දැයි මම නොදනිමි.නාට්‍යයක් වෙනුවෙන්වත්,වැරදිලාවත් මම "ස්වාධින" රූපවාහිනිය නොදමමි.
    එහෙත් ස්වරණවාහිනයේ විකාශය වූ "සමනළුන්ට වෙඩි තියන්න" වැනි නාට්‍යවල උපේක්ෂා හොඳ රඟ පෑමක යෙදේ.
    ඒ කිව්වේ උපේක්ෂා ගැනය.මහින්ද ගැනනම් ඔහොමවත් කියන්න දෙයක් නැත.

    ReplyDelete
  2. මා ප්‍රිය දියණිය,නුඹවත් නොසිටියේ............මෙහෙව් එකාට "පබා" කවුද?

    ReplyDelete
  3. ඕකත් මොකද්ද භික්ෂුන් භේද බින්න කරපු අපේ රටේ හැටියට???

    ReplyDelete
  4. Oya amma kiyapu kathawa tikak aththa wage kiyala dan therenne nadda?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා