අත්අඩංගුවේ සිටි දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී නිදහස්


(2010 ජනවාරි 15 -W3Lanka) කොටි සංවිධානයට එරෙහි යුද්ධයේ අවසන් අදියරේදී එල්.ටී.ටී.ඊ. පාලන ප්‍රදේශයේ රැඳී සිට කොටින්ගේ පරාජයත් සමග අවතැන් වූ ජනයා සමග රජයේ පාලන ප්‍රදේශයට පැමිණීමෙන් පසුව අත්අඩංගුවට ගෙන පුරා මාස අටක පමණ කාලයක් කොළඹ අත්අඩංගුවේ තබාගෙන සිටි දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සතාසිවම් කනගරත්නම් රජය විසින් නිදහස් කර තිබේ. 

ඔහුට විරුද්ධව කිසිදු චෝදනාවක්  නඟා නොමැති බව වාර්තා වේ. මීට පෙර ඔහු නිදහස් කරන ලෙස දෙමළ ජාතික සන්ධානය විසින් කරන ලද ඉල්ලීම් රජය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.



කනගරත්නම් මන්ත්‍රීවරයා යුද්ධයේ අවසන් අදියරේදී යුද මුක්ත කලාපයේ සිදු වූ සිදුවීම් පිළිබඳ ප්‍රබල සාක්ෂියකරුවකු වීම ඔහු මෙසේ රඳවා තබා ගැනීමට හේතු වූ බව විශ්ලේෂකයෝ පවසති.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා