දිනමිණ අනුග්‍රහයෙන් ජනමත සමීක්ෂණ තරගයක්

(2010 ජනවාරි 23 -W3Lanka) ඔබට කිරීමට වෙන වැඩක් නැතිනම් හා ජනමත සමීක්ෂකයකු ලෙස සුදුසුකම් ලැබ අනාගතයේදී යම් ප්‍රයෝජනයක් ලබා ගැනීමට අදහස් කරන්නේ නම් පහත සඳහන් ආකාරයේ රචනාවක් ලියා දිනමිණ කර්තෘවරයා වෙත තැපැල් කරන්න. මහින්ද රාජපක්ෂ 60%කට වැඩි ඡන්ද ප්‍රමාණයකින් ජය ගන්නා බව කියන වාර්තා දිනමිණ පුවත්පතේ පළ කරනු ලැබේ. කලින් ඉල්ලුවා නම්, මෙම ජනමත සමීක්ෂණ රචනා ලිවීම වෙනුවෙන් අරලියගහමන්දිරයෙන් මුදල් ලබා ගැනීමට ද තිබිණි. 

ජනපති මහින්දට 60% ක ජයක්

- කැලණි සරසවිය

මෙවර ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා සියයට 60 ක ප්‍රතිශතයක් ලබා ජයග්‍රහණය කරන බව කැලණිය විශ්වවිද්‍යාලය විසින් සිදුකරන ලද සමීක්ෂණයකින් හෙළි කරයි.
කැළණිය විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යනාංශය සහ සෙසු අංශ ගණනාවක් එක්ව කළ සමීක්ෂණය මඟින් සරත් ෆොන්සේකා මහතා ලබාගෙන ඇත්තේ සියයට 38 ක (38%) ප්‍රතිශතයකි.
මේ ප්‍රතිඵල අනාවරණය කළේ ඊයේ (21) ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේදීය.


ජනපති මහින්දට 66%ක ජයක්

- ගොවි පෙරමුණ

ඉදිරි ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතා සියයට 66 ක අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබන බව ජාතික ගොවි පෙරමුණේ විසින් කරන ලද ජනමත විචාරණයක දී අනාවරණය වී ඇත.
පක්ෂ හා ජාති භේදයෙන් තොරව උතුර නැඟෙනහිර උතුරු මැද මධ්‍යම වයඹ දකුණ ඌව සබරගමුව ප්‍රදේශයන්හි ගොවි ජනතාව සම්බන්ධ කැර ගෙන ඉතාමත් අපක්ෂපාතීව සිදුකරන ලද සමීක්ෂණයේ දී අනාවරණය වූ බව ජාතික ගොවි පෙරමුණේ මහ ලේකම් කේ.එම්. වී. කුලසේකර මහතා ප්‍රකාශ කරයි.
විශේෂයෙන්ම උතුර නැඟෙනහිර හා උතුරු මැද පළාත් වල සියයට අසූ තුනක ගොවි ජනතාව සෘජුවම මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය අපේක්ෂා කරති. මධ්‍යම, දකුණ, සබරගමුව, වයඹ හා ඌව පළාත්වල ගොවි ජනතාව සියයට හැට පහේ සිට අසූව දක්වා මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වී සිටිති.
මේ සමීක්ෂණය අනුව ඉදිරි ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතා සියයට හැට හයක අති විශිෂ්ට ජයග්‍රහණයක් හිමි කර ගැනීම කිසිදු බලවේගයකට වැළැක්විය නොහැකිවන අතර විපක්ෂ අපේක්ෂක සරත් පොන්සේකා මහතාට අන්ත පරාජයක් හිමි වන බවද ජාතික ගොවි පෙරමුණ සඳහන් කරයි.


ජනපති මහින්දට 70.4%ක ජයක්

- රජරට සරසවිය

ඉදිරි ජනාධිපතිවරණයෙන් නැවතත්, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරන බව, උතුරුමැද පළාතේ ඡන්ද හිමි ජන සංඛ්‍යාවෙන් සියයට 70.4 ක් (70.4%) ප්‍රකාශ කර ඇති බව, රජරට විශ්වවිද්‍යාලයේ සමීක්ෂණයකින් තහවුරු කරයි.
පසුගිය දෙසැම්බර් 20 සිට මේ මස 15 දා දක්වා කාලය තුළ උතුරු මැද පළාතේ සිදුකරන ලද මේ සමීක්ෂණයෙන් සරත් ෆොන්සේකා මහතාට පක්ෂව කැමැත්ත පළකොට ඇත්තේ සියයට 29.6 කි.
එම සමීක්ෂණයේදී කාන්තාවන්ගෙන් සියයට 84ක්ම (84%) කැමැත්ත පළකොට ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස තෝරා ගත යුතු බවයි. සරත් ෆොන්සේකා මහතා තෝරාගත යුතු බව දක්වා කාන්තාවන්ගෙන් සියයට 16 කි.



ජනපති මහින්දට 75% ක ජයක්

- කොළඹ විශාකා විදුහල

කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා විදුහලක සිසුවියන් කරන ලද සමීක්ෂණයකින් මෙවර ජනපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා 75%ක ප්‍රතිශතයක් ලබාගන්නා බවට අනාවරණය වී තිබේ.
මේ සමීක්ෂණය සිදුකර තිබෙන්නේ කොළඹ විශාඛා විදුහලේ උසස් පෙළ ජීව විද්‍යා සිසුවියන් විසිනි. එම සමීක්ෂණයේදී සරත් ෆොන්සේකා මහතා 20% ක ප්‍රතිශතයක් ද අනෙකුත් අපේක්ෂකයන්ට 5%ක ප්‍රතිශතයක්ද හිමිවන බවට අනාවරණය වී ඇත.
එම සිසුවියන්ගේ නිවෙස්වල පවතින දේශපාලන වාතාවරණය මේ සමීක්ෂණ ප්‍රතිඵල සඳහා පාදක වී තිබෙන බව සමීක්ෂණය තුළින් තහවුරු වී තිබේ.


ජනපති මහින්දට 63%ක ජයක්

- කොළඹ සරසවිය


2010 ජනාධිපතිවරණයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජය ගන්නා බවට 63.11%ක ප්‍රතිශතයක් ප්‍රකාශ කර ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි පර්යේෂණ ඒකකය අනාවරණය කරගෙන තිබේ. බස්නාහිර, දකුණ, සබරගමුව, වයඹ, ඌව, උතුරුමැද පළාත් හය ඇසුරෙන් කරන ලද මෙම පර්යේෂණයේ ප්‍රතිඵල වාර්තාවට අනුව සරත් ෆොන්සේකා මහතා ලබා ඇති ඡන්ද ප්‍රතිශතය 27.37%කි.
ඊයේ (22) කොළඹ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ පැවැති මාධ්‍ය හමුවකදී මේ කරුණු හෙළි විය.




Comments

  1. මහින්ද "ආගිය කතා" එකවර ලියලා වගේ. සමහරවිට සරත් දිනුවොත් ජොබ් එක ගහල යන නිසා තිබ්බ ඔක්තොම ලියලාද කොහෙද.

    ReplyDelete
  2. හික් හික් :D හොරාගෙ අම්මගෙන් පේන අහනව කියන්නෙ ඔය ‍වගේ වැඩ වලට :D

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා