ඡන්ද ගණන් කිරීමේ හොර ගැන එජාප කරුණු රැස් කරයි

(2010 ජනවාරි 30-W3Lankaදිවයින පුරා ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල සිටි විපක්ෂ නියෝජිතයන් පළවා හැරීමේ සිද්ධීන් රැසක් හා ප්‍රතිඵල විකෘති කිරීම් පිළිබඳව තමන් කරුණු එක්රැස් කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක පවසයි. 


ජනාධිපතිවරණය හා අදාළ ගණන් කිරීමේ පත්‍රිකා විනාශ කිරීමේ සූදානමක් ඇති බවට ද ඔහු අනතුරු අඟවයි.


එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ජයලත් ජයවර්ධන ඡන්ද ගණන් කරන අතරතුර ලැබූ අත්දැකීමක් විස්තර කරන්නේ මෙසේ ය:

මේ ජනාධිපතිවරණයේදී මීගමුව මැතිවරණ කොට්‌ඨාශය වෙනුවෙන් සරත් ෆොන්සේකා මහතාගේ බලයලත් නියෝජිතයා ලෙස පත් කළේ මාව. වේයන්ගොඩ පත්තලගෙදර ගුරු අභ්‍යාස විද්‍යාලයේ තමයි ගණන් කිරීම් කළේ. අපේ පක්‍ෂය වෙනුවෙන් ගණන් කිරීමේ නියෝජිතයෝ ඇතළු කළා. 27 වැනිදා පාන්දර 2.30 ට විතර සිවිල් ගුවන් සේවා ඇමැති සරත් ගුණරත්න මහතා ආධාරකරුවන් පිරිසක්‌ සමග මේ පරිශ්‍රයට ආවා. ඇවිත් තර්ජනය කළා. "මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා සියයට හැට දෙකකින් ඡන්දය දිනලා ඉවරයි. ඒත් මුං තවමත් මේක ඇතුලේ. උඹලා ඔක්‌කොම තව විනාඩි දහයක්‌ ඇතුළත එළියට යන්න ඕනේ. නැත්නම් අපි දන්නවා යවන හැටි කියමින් ඇමැතිවරයා කෑ ගසද්දී අපේ නියෝජිතයෝ බියෙන් පැන ගියා. මම එතැන හිටියා. මේ ගැන මෙම කරු ජයසූරිය මහත්තයටත්, මැතිවරණ කොමසාරිස්‌ කාර්යාලයටත් පැමිණිලි කළා. "මූ තමයි මහ කොටියා....මූවත් පන්නා දාන්න ඕනෑ." කියමින් ඇමැතිවරයාගේ ආධාරකරුවෝ හිස්‌ වතුර බෝතල්වලින් මට පහර දෙමින් තර්ජනය කළා. ගණන් කිරීමේ මධ්‍යස්‌ථානයේ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙසේ පළවා හැරියා නම් අහිංසක නිලධාරීන් කෙසේ පළවා හරින්න ඇතිද. මම අභියෝග කරනවා සරත් ගුණරත්න ඇමැතිවරයාට පුලුවන්නම් කියන්න මෙවැනි දෙයක්‌ සිදු වුණේ නැහැ කියලා.
(උපුටා ගැනීම: අද දිවයින)

 

Comments

  1. These minor incidents have happened in every election. They are of no consequence to the final result.

    You lost. Accept it and bugger off.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා