ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න කැමති ලක්ෂ්මන් යාපා විතරද?


(2010 ජනවාරි 29 -W3Lanka විපක්ෂය සහාය දෙන්නේ නම් ආණ්ඩුව ව්‍යවස්ථාව වෙනස් කිරීමට සූදානම් බව මාධ්‍ය ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසයි.


විධායක ජනාධිපති ක්‍රමය වෙස් කිරීම සඳහා තුනෙන් දෙකක පාර්ලිමේන්තු බහුතරයක් අවශ්‍ය බව පෙන්වා දුන් ඇමතිවරයා, ජාතීන්ගේ ප්‍රශ්නය විසඳීම, 17වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ වූ කොමිෂන් පත් කිරීම හා කැබිනට් මණ්ඩලය අඩු කිරීම සෙසු ප්‍රශ්න බව පෙන්වා දෙයි.


විපක්ෂය විසින් ජනාධිපතිවරණයේදී විශ්වාසනීය වෙනසක් ඇති කිරීම සඳහා ද යෝජනා කළ ප්‍රධාන පියවර වන්නේ මේවා ය. එබැවින් ආණ්ඩුව මේ සඳහා අවශ්‍ය පියවර ගන්නේ නම් විපක්ෂය නිසැකව ම එයට සහාය දෙනු ඇත.


මෙහිදී අවශ්‍ය වන්නේ 'ඔයාලා කැමතිද මෙයාලා?' කිය කියා ප්‍රශ්න අසමින් සිටීම නොවේ. ආණ්ඩුව සෙසු කාර්යයන්හිදී විපක්ෂයේ අදහස් විමසන්නේ නැත. මෙහිදී ද ඔය තරම් තෙපර බාන්නට දෙයක් නැත. වහා ම පාර්ලිමේන්තුව කැඳවා අදාළ ව්‍යවස්ථා සංශෝධන යෝජනා ඉදිරිපත් කළ හැකි ය.


විපක්ෂයට මේ යෝජනාවලට විරුද්ධ වීමට කිසිදු හේතුවක් නැත.


ප්‍රශ්නය වන්නේ ‍ආණ්ඩුව ව්‍යවස්ථාව වෙනස් කිරීමට සූදානම් බව කැබිනට් නො වන ඇමතිවරයකු වන ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇමතිවරයා හැර අන් කිසිවෙක් නො පැවසීමයි. ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් වැනි අය පසුගිය දිනවල මාධ්‍ය සාකච්ඡා පැවැත්වූ මුත් මෙවැනි අදහසක් ඉදිරිපත් කර තිබුණේ නැත. 

Comments

  1. ලක්ෂ්මන් වාගේ ඉහඳ පණු දේශපාලකයකුට ව්‍යවස්ථාව සම්බන්ඳ ප්‍රශ්ණ සමාජයෙන් ඇසිය හැකිද.ව්‍යවස්ථාවේ පළමු වන මුල ධර්මය ජනතා ඡන්දයට ගරු කිරිමයි.ඡන්ද මුදලට විකුණන උන්ට මොන ව්‍යවස්ථාද බොලං.

    ReplyDelete
  2. he wants to apear important, to be in TV.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා