දිනුවත් පැරදුනත් දිගට ම ජනපති මහින්ද


(2010 ජනවාරි 24 -W3Lanka) ජනවාරි 26දා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් පරාජය වුවත් දිගට ම බලයේ සිටීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ සැලසුම් කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. 

මේ බව ඉඟි කරන ප්‍රකාශයක් ඊයේ කළ ඔහු කීවේ තමන්ට තව දෙවසරක ධුර කාලය ඉතිරි වී ඇති හෙයින් දිවුරුම් දෙන දිනය තීරණය කරන්නේ තමන් බවයි. 



ජනාධිපතිවරණයෙන් ඔහු පරාජය වුවත් ඔහුට බලය රැක ගැනීම සඳහා දේශපාලනයෙන් තනතුරු ලබා ගත් ආරක්ෂක ප්‍රධානීන් කිහිප දෙනෙකු ම සහාය පළ කර ඇති බව ද වාර්තා වේ.


ජනාධිපතිවරණ දිනයේ සහ ඊට පසු දිනයේ ජාතික රූපවාහිනියේ තෝරා ගත් සේවක පිරිසක් හැර සෙසු අයට නිවාඩු දී ඇත්තේ මෙම මෙහෙයුමේ මාධ්‍ය භූමිකාවේ කොටසක් ලෙස බව ද දැගන්නට තිබේ.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා