අචලගේ දිනපොතේ ලේකම් වැරදි දමයි


(2010 ජනවාරි 12 -W3Lanka) ජනතා විමුක්ති පෙරමුණෙන් පාර්ලිමේන්තුවට පත් වී විමල් වීරවංශ සමග ජාතික නිදහස් පෙරමුණෙන් ආණ්ඩුවට එක් වී නන්දන ගුණතිලකගෙන් පැහැර ගනු ලැබූ සංචාරක ඇමති ධුරය හොබවන අචල සුරංග ජාගොඩ දිනපොත් 20,000ක මුද්‍රණ වියදම් සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයෙන් ලබා ගැනීමට දරන ලද තැත සංචාරක අමාත්‍යංශයේ ලේකම් ජෝර්ජ් මයිකල් වළක්වා ඇති බව වාර්තා වේ. 


අචලගේ දිනපොත් සඳහා වියදම රු. ලක්ෂ 82කි. එය ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් යොදා ගැනීම සඳහා මුද්‍රණය කරන ලද්දක් වීම මෙසේ මුදල් නො ලැබීමට හේතුව වී ඇති බව වාර්තා වේ. 

මේ අතර මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ කොටසක් ලෙස ජනවාරි 15දා වවුනියාවේදී සංචාරක අමාත්‍යංශයේ අරමුදල්වලින් රු. ලක්ෂ 150ක් වැය කර තයිපොංගල් සමරු වැඩසටහනක් කිරීමට ජාගොඩ ඇමතිවරයා කර ඇති සැලසුම පිළිබව ලේකම්වරයා විසින් මැතිවරණ කොමසාරිස් දැනුවත් කර තිබේ. 

එම වැඩසටහන නවත්වන ලෙස මැතිවරණ කොමසාරිස්වරයා උපදෙස් දී ඇතත් ජාගොඩ ඇමති එය නොතකා කටයුතු කරන බව ද වාර්තා වේ. 

Comments

  1. munta thava tikakaalayi ,balanna muta rathnapure ayi chandekadi vena de

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා