මහ මැතිවරණයටත් එජාප-ජවිපෙ සන්ධානය වලංගුයි


(2010 ජනවාරි 11 -W3Lanka) මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් හංසයා ලකුණ යටතේ සරත් ෆොන්සේකා ජනරාල්තුමාගේ නායකත්වයෙන් නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ යටතේ ගොඩනගාගෙන ඇති එකඟතා ගිවිසුම මැයි මසට පෙර පැවැත්වෙන මහ මැතිවරණය දක්වා බල සහිත කිරීමට සන්ධානයේ පක්ෂ නායකයෝ දැන් එකඟතාවයකට එළඹී සිටිති.


අදාළ එකඟතා ලියවිල්ලට සංශෝධනයක් ඇමනුමක් වශයෙන් එක්කරමින් පක්ෂ නායකයෝ ජනවාරි 07වනදා පැවති නියෝජිත මට්ටමේ රැස්වීමකදී මෙම තීරණය ගනු ලැබීය. අදාළ සංශෝධිත එකඟතා ලියවිල්ල මෙම සිකුරාදාට පෙර
නායක මට්ටමින් අත්සන් කිරීමට යෝජිතය.


මේ අනුව ජනාධිපතිවරණය මෙන්ම මහ මැතිවරණයේද පොදු සන්ධානයේ නායකයා වශයෙන් සරත් ෆොන්සේකා
ජනරාල්තුමා කටයුතු කරනු ඇත. මෙවර විශේෂත්වය වන්නේ ද්‍රවිඩ ජාතික සන්ධානයද මෙම නව පෙරමුණට එක්වීමය. මේ යටතේ ජනාධිපති මැතිවරණයේ ප‍්‍රතිඵල කුමක් වූවද ඉදිරි මහ මැතිවරණයේදීද සරත් ෆොන්සේකා ජනරාල්තුමා
ගේ නායකත්වයෙන් විපක්ෂ පොදු සන්ධානය මහා මැතිවරණයේදී එකාබද්ධව තරඟ කරනු ඇත.


මේ අනුව පොදු ඒකාබද්ධ විපක්ෂය වශයෙන් තරඟ කරන කණ්ඩායමේ නායකත්ව මණ්ඩලයට එක්සත් ජාතික
පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග්‍රසය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණ, ශී‍්‍රලනිප මංගල පාර්ශය සහ ද්‍රවිඩ ජාතික සන්ධානය ප‍්‍රධාන වශයෙන් අයත්වේ. සෙසු පක්ෂවලට සහ කණ්ඩායම්වලට ජනාධිපතිවරණයෙන් පසු එහි සාමාජිකත්වය ගතහැකි වූවද තීරණ ගැනීමේදී නිල බලයක් නොමැතිබව ඇමනුමේ සදහන්ව තිබෙන බව කියති.


ජනාධිපතිවරණයෙන් පසු පක්ෂවලට මැතිවරණ ලැයිස්තුවේ ඉදිරිපත් කළ හැකි අපේක්ෂක සංඛ්‍යාව තීරණය කරනු ඇත. එහෙත් උතුරු නැගෙනහිරට බාහිරව ද්‍රවිඩ ජාතික සන්ධානයට කොළඹ දිස්ති‍්‍රක්කයෙන් අපේක්ෂකයින් දෙදෙනෙකු ලැයිස්තුවට ඇතුළත් කිරීම එමගින් පිළිගෙන තිබේ. නැගෙනහිර මුස්ලිම් අපේක්ෂකයින් තෝරා ගැනීමේදී මුස්ලිම් කොංගසයේ සහ වතුකරයේ ඉන්දීය දෙමළ අපේක්ෂකයින් තෝරා ගැනීමේදි ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණේද අදහස් ප‍්‍රතිපත්තිමය වශයෙන් පිළිගැනීමද තවත් එකඟත්වයකි.


ජනපතිවරණයේ දෙවන පියවර ලෙස මහ මැතිවරණය සඳහා මෙය හඳුන්වාදීමට මෙම යෝජනාව ඉදිරිපත්කල ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කළ අතර එක්සත් ජාතික පක්ෂය හැර සෙසු පක්ෂ යෝජනාවට ප‍්‍රථම වටයේදීම එකඟතාවය පල කළේය. දෙවන සාකච්ඡාවේදී ද්‍රවිඩ ජාතික සන්ධානයද මෙයට එක්කර ගැනිමට එජාපය ගෙනආ යෝජනාවට සෙසු පක්ෂ සංශෝධන සහිතව එකඟවීමෙන් පසු එජාපයේ සහායද එයට හිමිවිය.

මූලාශ්‍රය: Election Reporter

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා