ජාතික රෝහලේ බෙහෙත් නිකුත් කරන්න කවර නැහැ (අත්‍යවශ්‍ය ඖෂධ 70ක හිගයට අමතරව)


(2010 ජනවාරි 14 -W3Lanka) ජාතික රෝහලෙන් ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ට ඖෂධ නිකුත් කිරීමට අවශ්‍ය කවර හිඟ බව කාර්යමණ්ඩල විසින් මීට සතියකට පමණ පෙර සිට අදාල වගකිව යුත්තන් දැනුවත් කළ නමුදු ඊට නිසි ප්‍රතිචාර නොලැබුණු හෙයින් ඊයේ රෝහල් කාර්ය මණ්ඩලය රෝගීන්ට බෙහෙත් නිකුත් කිරීම නතර කළේය.

මේ හේතුවෙන් ඊයේ ජාතික රෝහලේ කලබලකාරී තත්වයක් ඇති වූ බව යුනියන්ස් ලංකා පවසයි.

සාමාන්‍යයෙන් කොළඹ ජාතික රෝහලට දිනකට කවර 50,000 ක පමණ ප්‍රමාණයක් අවශ්‍ය වන මුත් පසුගිය සඳුදා වන විට කවර තිබුණේ 10,000ක පමණ ප්‍රමාණයක් බවත් ඇය සඳහන් කර සිටියාය. 

කෙසේ නමුත් අවසානයේදී රෝහල් පරිපාලනය විසින් කොල කැබලිවල ඔතා ඛෙහෙත් ලබාදෙන ලෙස පවසා තිබිණි.


සේනක බිබිලේ අනුස්මරණ සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බංඩාර පවසන පරිදි රජයේ රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ හා උපකරණ 70ක පමණ හිගයක් ඇත. මේ අතර, ශල්‍ය උපකරණ හා හදවත්, වකුගඩු වැනි බරපතල රෝග තත්වයන්ට අවශ්‍ය ඖෂධ හා උපකරණ ද වේ. අලුත් ම තත්වය වන්නේ තිබෙන ඖෂධය හෝ දැමීම සඳහා කවර නැතිකමයි.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා