2018 දක්වා විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ

(2010 ජනවාරි 28 -W3Lanka ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය දෙවන ධුර කාලය සදහා ඉක්මණින් දිවුරුම් නො දෙනු ඇති බවට ඇමති හා නිතිය පිළිබද මහාචාර්ය ජී. එල්. පීරිස් අද ජනමාධ්‍ය හමුවේ ඉඟි කළේය. 


ජනාධිපතිවරයාට සිය පළමු ධුර කාලයෙන් වසර දෙකක් ඉදිරියට ඉතිරි වී තිබේ. ඔහුගේ දිවුරුම් දීම එම දෙවසර අවසානයේ සිදු වීමට බොහෝ දුරට ඉඩ තිබේ. ඒ අනුව ඔහු ඉදිරි අට වසරක් ම ලංකාවේ ජනාධිපති වීමට හැකි ය. මීළඟ ජනාධිපති තේරී පත් වනු ඇත්තේ 2018 වසරේ ය. 


ජනාධිපති මහින්ද රාජපක්ෂ 2005 ජනාධිපතිවරණයේදී විධායක ජනාධිපති ක්‍රමය අවසන් කරන බව කීව ද 2010දී ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වන්නේ මෙසේ ය. 


"විධායක ජනාධිපති ධූරය පිළිබඳ සියලූ පක්ෂ හා ජනතා නියෝජිතයන් සමග විවෘත සාකච්ඡාවකට එළඹෙමි. පාර්ලිමේන්තුවට ලැබෙන ජනවරමට ගරු කරමින් පාර්ලිමේන්තුවට වග කියන නීතිය ඉදිරියේ සියල්ලන් සමානය යන ප‍්‍රතිපත්තිය ගරු කරමින් අධිකරණයට වගකියන ව්‍යවස්ථා සම්පාදනය, විධායකය හා අධිකරණය එකිනෙකට ගැටෙන ඒකක ලෙසින් නොව, සහජීවනයෙන් බැඳුණු එකම රාජ්‍යයක කොටස් බව තවදුරටත් අවධාරණය කරන භාරකාර ධූරයක් බවට විධායක ජනාධිපති ධූරය පත්කරමි."


මේ පිළිබඳව 2005 ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන ලද මහින්ද චින්තන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ සඳහන් වන්නේ මෙසේ ය.



විධායක ජනාධිපති ධූරය අහෝසි කෙරෙන්නා වූ හා රටේ සෙසු ප‍‍්‍රශ්න වලට ද විසඳුම් ලබා දෙන්නා වු නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සියල්ලන්ගේ සම්මුතියෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි. එතෙක් ජනාධිපතිවරයා නිල මට්ටමින් පාර්ලිමේන්තුවට වගකියන ලෙසින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට සංශෝධන ඉදිරිපත් කරන්නෙමි.


පාර්ලිමේන්තුව කෙරෙහි ජනාධිපතිවරයා ගේ ඇති වගකීම සහතික කිරීම සඳහා මසකට වරක් පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වන්නෙමි.


පාර්ලිමේන්තුවේ  ආණ්ඩු පක්ෂ - විපක්ෂ මන්ත‍‍්‍රීන් කාර්යක්ෂම ලෙස රාජ්‍ය පාලනයට සහභාගිවීම තහවුරු කිරීම සඳහා අමාත්‍යාංශ කාරක සභාවන්හි බලතල පාර්ලිමේන්තූවේ එකඟතාවෙන් වැඩි දියුණු කිරීමට යෝජනා කරමි.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා