ජර්මනියේ, ස්විට්සර්ලන්තයේ හා ඕලන්දයේ ඊලාම් ජනමත විචාරණ අද හා හෙට

(2010 ජනවාරි 24 -W3Lanka) ඊලාම් රාජ්‍යයක් පිහිටුවීම සඳහා දෙමළ දේශපාලන නායකත්වය එකඟතාවකට එළඹුණු පළමු අවස්ථාව වන 1976 වඩුක්කොඩෛහි පැවැත්වුණු දෙමළ එක්සත් විමුක්ති පෙරමුණු සම්මේලනයේදී නිකුත් කරන ලද වඩුක්කොඩෛ ප්‍රකාශය යළි බලාත්මක කිරීම පිණිස විදෙස්ගත දෙමළ ජාතිකවාදීන් විසින් පවත්වනු ලබන ජනමත විචාරණ මාලාවේ මීළඟ අදියර මේ සති අන්තයේ පැවැත්වේ.


එහිදී ජර්මනිය, ස්විට්සර්ලන්තය හා ඕලන්දය යන රටවල ජීවත්වන ලාංකික දෙමළ ජනයා සිය ඡන්දය දීමට නියමිත ය. 


මීට පෙර ද මෙවැනි ජනමත විචාරණ මාලාවක් නෝර්වේ, කැනඩාව හා ප්‍රංශය යන රටවල පැවැත්විණි.

යුදමය අරගලයේ පරාජයෙන් පසු දෙමළ ජාතිකවාදීන්ගේ උපායමාර්ගය වී තිබෙන්නේ යළි තහවුරු කර ගන්නා ලද ජනවරමක් ඔස්සේ දෙමළ ඊලාම් විමුක්ති අරගලය නව මුහුණුවරකින් දියති කිරීමයි.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා