මහින්දට 200%ක ඡන්ද ප්‍රතිශතයක්; මෙන්න අලුත්ම ජනමත විමසුම් ප්‍රතිඵල



(2010 ජනවාරි 22 -W3Lanka) ජනවාරි 26දා පැවැත්වෙන ජනාධිපතිවරණයේදී මහජනතාවට මාධ්‍ය ඔස්සේ කළ හැකි උපරිම බලපෑම කිරීමේ අරමුණින් ජනමත විමසුම් මාලාවක ප්‍රතිඵල අනුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණය ජය ගන්නා බවට පුවත් පළ කිරීමේ වැඩසටහනක් ආණ්ඩුව විසින් දියත් කර තිබේ. 

මෙම ඇතැම් ජනමත විමසුම් පවත්වා ඇත්තේ කිසිදු දිනෙක එවැන්නක් කර නොමැති, ඒ හා අදාළ මූලික දැනුම පවා නොමැති සංවිධාන විසිනි. තවත් ඇතැම්
ජනමත විමසුම් මහින්ද රාජපක්ෂට පක්ෂපාත පුද්ගලයන් විසින් ඔහුගේ ‍සිත් දිනා ගැනීම සහා මෙහෙයවන ලද ඒවායි. 


කළ අන්දම කුමක් වුවත් මාධ්‍ය විසින් මෙම ජනමත සමීක්ෂණවලට පුළුල් ප්‍රචාරයක් ලබා දෙමින් තිබේ. 

මේ අතර, ඇතැම් පුද්ගලයන් මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණ ප්‍රචාරක අරමුදලින් සල්ලි කඩා ගැනීම සදහා ම ජනමත සමීක්ෂණ වාර්තා ඉදිරිපත් කරන බව ද වාර්තා වේ. 



ජනාධිපතිවරණය දැඩි උණුසුම් ස්වභාවයකින් යුක්ත වන අතර සිය ප්‍රචාරක ව්‍යාපාරය සඳහා රාජ්‍ය සම්පත් සියල්ල පාවිච්චි කරන ජනාධිපති මහින්ද රාජපක්ෂ සුළු වැඩි ඡන්ද ප්‍රමාණයකින් නැවත තේරී පත් වීමේ ඉඩක් ඇත. එහෙත් රාජපක්ෂට පන්දම් අල්ලන ඇතැම් ජන මත සමීක්ෂකයන් පළ කරන අනාවැකි සිනා උපදවන තරම් හාස්‍යජනක ය. 


නිදසුනක් ලෙස ලංකා ජාතික සංඝ සභාව විසින් පවත්වන ලදැයි කියන ජනමත සමීක්ෂණයක් පිළිබඳව ඊයේ දිනමිණ පුවත්පතේ මුල් පිටුවේ පළ වූ වාර්තාව අනුව මහින්ද රාජපක්ෂ 74.5%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්නා අතර සරත් ෆොන්සේකාට ලැබෙන්නේ 22.7%ක් පමණි. 

රාජපාක්ෂික විශ්වවිද්‍යාල ආචාර්යවරයකු වන කැලනිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අංශයේ ආචාර්ය රෝහණ ලක්‌ෂ්මන් පියදාස විසින් මෙහෙයවන ලද බව කියන අලුත් ම ජනමත සමීක්ෂණයකට අනුව මහින්ද රාජපක්‍ෂ 60%ක ඡන්ද ප්‍රතිශතයක්‌ ලබා ගන්නා අතර සරත් ෆොන්සේකා 38%ක ඡන්ද ප්‍රතිශතයක්‌ලබා ගනියි.

Comments

  1. I think the poll on the UNP website was funnier.

    ReplyDelete
  2. Its ridiculous to say MR will get 60% votes, even alien can say who will going to win this election,
    theses scholars sell their conscience, not the knowledge they gathered

    ReplyDelete
  3. The survey results on UNP website reflect the opinion of its readers and NOT the public. So the only conclusion I drive is more anti-UNP users visit the website. In a way it is an achievement for the site.

    It is also possible that opponents artificially increased the numbers for MR. This could have been avoided had the survey been properly designed.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා