ජනාධිපතිගේ මැතිවරණ දැන්වීම් රජයේ රූපවාහිනිය ප්‍රචාරය කරන්නේ නොමිළේලු

(2009 දෙසැම්බර් 15 - W3Lanka) මේ දිනවල දවස පුරා රජයේ රූපවාහිනියෙන් ප්‍රචාරය වන ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණ ප්‍රචාරක දැන්වීම් සඳහා එම ආයතනවලට මුදල් නො ගෙවන බව ද, ඒවා ප්‍රචාරය කරන්නේ වැඩසටහන්වල පූර්ව ප්‍රචාරක දැන්වීම් මුවාවෙන් බව ද රූපවාහිනී සංස්ථා සේවකයෝ පවසති.

මෙය වංචනික ක්‍රියාවක් බව මීඩියා වොච් ආයතනය පෙන්වා දෙයි. ටමම දැන්වීම් නොමිළේ ප්‍රචාරය කර දෙන්නැයි පෞද්ගලික රූපවාහිනී ආයතනවලට ද බලපෑම් එල්ල වන බව එම සංවිධානය පෙන්වා දෙයි. 

ජනාධිපතිවරයාගේ පුත්‍රයා වන නාමල් රාජපක්ෂ විසින් පවත්වාගෙන යන රාජ්‍ය නොවන සංවිධානයක් වන තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ දැන්වීම්වල පෙනී සිටීම සඳහා ප්‍රසිද්ධ පුද්ගලයන්ට විවිධ බලපෑම් එල්ල වන බව ද පසුගිය දිනවල ප්‍රචාරය විය.  



Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා