'කීයක් දෙනවද?', 'කවුරුද ගනුදෙනුව කරන්නේ?'


(2009 දෙසැම්බර් 18 - W3Lanka) මේ දිනවල ආණ්ඩුවේ ඇමතිවරුන් විසින් හොර රහසේ අසමින් සිටින ප්‍රශ්න දෙකක් වන්නේ 'කීයක් දෙනවද?', 'කවුරුද ගනුදෙනුව කරන්නේ?' බව ආණ්ඩුවට සමීප ආරංචි මාර්ග පෙන්වා දෙයි.

මෙයට හේතුව වී ඇත්තේ ආණ්ඩුවට හිතවත් වෙබ් අඩවියක් විසින් සරත් ෆොන්සේකාට සහාය දීමට ඉදිරිපත් වන ඇමතිවරයකුට රු. කෝටි 30ක් ගෙවන බව ප්‍රචාරය කිරීමයි. 


මේ අතර, ඒ පැත්තෙන් මේ පැත්තට හා මේ පැත්තෙන් ඒ පැත්තට පනින මැති ඇමතිවරු තමන්ගේ පක්ෂයෙන් ඉවත් නොවී එම පක්ෂයේ ම දිගට ම සිටිමින් පක්ෂයට විරුද්ධව වැඩ කිරීමේ පිළිවෙතක් ද අනුගමනය කරති.


මේ අතර, තවත් මැති ඇමතිවරු වාසි වෙන්නේ කොයි පැත්තට ද යන්න බලමින් කල් ගනිමින් සිටින බව ද වාර්තා වේ. 



පාලනය කර ගත නො හැකි මහත කොට සිරුරු ඇති ප්‍රධාන පෙළේ මැති ඇමතිවරු කීපපොළක් ම විපක්ෂයට එක් වන බවට කතා පැතිර යමින් තිබේ. තහවුරු කළ නො හැකි බැවින් නම් සඳහන් නො කරමු.



Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා