දිනමිණට සීයයි. වල පයයි -‍ ගොඩ පයයි. ඒ වුණත් මාධ්‍ය භාවිතාව තාම ළදරුයි


(2009 දෙසැම්බර් 17 - W3Lanka) දැන් රජයට අයත් එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම විසින් පළ කරනු ලබන දිනමිණ පුවත්පතට අද වසර 100ක් පිරෙයි.එහෙත් දිනමිණ පුවත්පතේ මාධ්‍ය භාවිතාව තවමත් ඇත්තේ ඉතා ම ළදරු වයසේ ය.නිදසුනක් ලෙස ලංකාවේ කිසියම් පුද්ගලයකු මාධ්‍ය පරිහරණය ලෙස කරන්නේ දිනමිණ කියවීම පමණක් නම් ඔහු මේ රටේ විරුද්ධ පක්ෂයක් තිබේ යයි දැන නො සිටීමට ඉඩ තිබේ. රනිල් වික්‍රමසිංහ යනු මහ ජරා මිනිහෙකැයි ද මහින්ද රාජපක්ෂ යනු බෝධිසත්ව ගතිගුණ ඇති වෙස‍්සන්තර වැනි රජෙකු යයි ද, ලංකාව නීතියේ පාලනය සහිත, කිසිදු වංචාවක් දූෂණයක් සිදු නො වන උතුරුකුරු දිවයිනකැයි ද සිතීමට ඉඩ තිබේ.



දිනමිණ ආරම්භක කර්තෘ සහ හිමිකරු වූ එච්. එස්. පෙරේරා මහතා විසින් දිකම්ණ ආරම්භ කරන විට එහි වටිනාකම වූයේ ශත තුනකි. දැන් දිනම්ණ පුවත්පතේ සත්‍ය වටිනාකම ඊටත් වඩා අඩු ය. දිනම්ණ පුවත්පත ප්‍රධාන වශයෙන් ම මිළ දී ගන්නේ රජයේ කාර්යාල පුස්තකාල ආදිය විසිනි. සාමාන්‍ය ජනතාව මිළ දී ගන්නේ රැකියා ඇබෑර්තු, විභාග අයදුම්පත්, ටෙන්ඩර් දැන්වීම් ආදිය පිළිබඳ කියවීමට හා බත් පාර්සල් එතීමටයි. දිනමිණ පවත්වාගෙන යන්නේ ප්‍රධාන වශයෙන් ම රජයේ ආයතන මහජන මුදලින් දමන දැන්වීම්වලින් ලැබෙන ආදායමෙනි. 


දිනමිණට සුබ පතමින් එය තම උවමනාවන් වෙනුවෙන් කඩේ යවන ප්‍රධාන ම පුද්ගලයා වන ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙසේ පවසයි. "ජාතියේ ගමන් මඟ සවිමත් කළ දිනමිණේ මුල් පුටුව බැබළවූවෝ බොහෝ ය. මහා ගත්කතුවරු, අර්ථශාස්ත්‍රඥයෝ, භාෂා විශාරදයෝ, මහා වියත්හු ඒ අතර වූහ." මෙම ප්‍රකාශයෙන් ඔහු එහි වත්මන් කතුවරයා සියුම් ලෙස උපහාසයට ලක් කරයි.

ජනාධිපති නිවේදනයේ මෙසේ ද දැක්වේ. "පුවත්පතක වගකීම වන්නේ එම පුවත්පත පරිහරණය කරන බස ආරක්‍ෂා කිරීම ය. වියරණය රැකගැනීමෙන් නොනැවතී භාෂාවේ සන්නිවේදන සක්‍යතාවයන් වැඩිකිරීමට ද දිනමිණ කෙළේ මහා මෙහෙවරකි."

ජනාධිපතිගේ නිවේදනයේ ඇති ඉහත රතු අකුරෙන් දැක්වෙන ග්‍රාම්‍ය හා දෝෂ සහගත වදන නිවැරදි කිරීමටවත් කොන්දක් දිනමිණ කතුවරයාට හෝ එහි මාධ්‍යකරුවන්ට නැති බව පැහැදිලි ය. 








Comments

  1. ithin ara Lanka paththareth ohomamane..
    Jeppanta wada deyak ne.. aanduwa monawa karath weradie.

    Ane bun... ubala hithanawada lankaawe apakshapaathi paththara hoyanawane..

    ReplyDelete
  2. ලංකා පත්තරය කරෙගන යන්ෙන් ජ.වි.ෙප. පාක්ෂියින්ෙග් මුදල් වලින්. නමුත් ෙල්ක්හවුස් ෙනාෙහාත් ෙබ්ෙර් ෙගදර පවත්වාෙගන යන්ෙන් ලංකාෙව් සියළු මහජනතාවෙග් බදු මුදල් වලින්. මහජන මුදලින් ජනාධිපති අැත=ළු අාණුඩාව ෙවනුෙවන් කෙඩ් යෑම පිළිබ වයි ගැටළුව පැන නගින්ෙන්.

    ReplyDelete
  3. Free media does not exist in any country. Not even in US, UK, Austrailia, ... or any other country that most Sri Lankans worship as clean and democratic countries.

    Trust me (because I've seen them all) if you name a meadia, printed or electronic, there is a political party they support.

    If you think Sri Lanka is bad, it is bad everywhere!

    ReplyDelete
  4. දැන්නම් වල පයයි ගොඩ පයයි. කොයි වෙලේ කූරියා ගහයිද මන්දා

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා