ඩලස් එක ගලෙන් සරත්, ගෝඨා, බැසිල් බිම දමන්නට ගොස් පාරාවළල්ලකට ගොදුරු වෙයි


(2009 දෙසැම්බර් 22 - W3Lanka) "පේ රටේ කිසිදු පුරවැසියෙක් කැමති වෙන්නේ නැහැ රටේ ජනාධිපතිවයා ලෙස ඇමරිකානු පුරවැසියෙක් පත්කරන්න. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මට පෙර රට කියන්නේ මට පෙර ඇමරිකාව කියලා," යි කියමින් අනාගතය පිළිබඳ අහස උසට බලාපොරොත්තු ඇති ඇමති ඩලස් අලහප්පෙරුම එත ගලෙන් විපක්ෂ පොදු අපේක්ෂකයා වන සරත් ෆොන්සේකා මෙන් ම තම ඉදිරි ගමනට අඩ බවට පත් වී සිටින ගෝඨභය හා බැසිල් දෙබෑයන් ද යන කුරුල්ලන් තිදෙනෙකු බිම දමන්නට උත්සාහ කර පස්ස බිම ඇනගෙන තිබේ.

එහෙත්, අනුන්ට කපන්නට ගිය සමූහ වලේ ඩලස් ද වැටෙන්නට ගියේ ඔහුට ද ඇමරිකානු පුරවැසිභාවය තිබේදැයි මාධ්‍යවේදියකු ඇසූ විටයි. තමන්ට පුරවැසිභාවය නැති බව පෙන්වීමට ගමන් බලපත්‍රය වුව පෙන්වීමට ඔහු කැමැත්ත පළ කළේ ය. 


එහෙත්, පසුගිය සමයේ ඩලස් අලහප්පෙරුම ද සිය පවුල සමග ජීවත් වූයේ ඇමරිකා එක්සත් ජනපදයේ ය. එසමයේ ඔහු ද කටයුතු කළේ "මට පෙර ඇමරිකාව" ප්‍රතිපත්තියෙන් බැවින් ඔහුගේ ප්‍රකාශය ඔහුට ම අදාළ වේ.






Comments

  1. ඩලස් හංසයාට බයයි,ගෝඨා හංසයා දැක්කම කලිසමේ චු කරගන්නවා,බැසිල්ට හංසයා දැක්කාම මාංචු කුට්ටම්,හිරගෙවල් පේනවා.ඩලස් ඩලස්ගේම වල කපා ගන්නවා.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා