මල්ලිට අයියා වෙනුවෙන් එළිපිට මැතිවරණ ව්‍යාපාර බැහැ. මල්ලි රජයේ සේවකයෙක්නේ



(2009 දෙසැම්බර් 12 - W3Lanka) ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සහෝදරයාවන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ රජයේ සේවකයකු වන බැවින් ඔහු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නියැලීම වළක්වන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහජන පාර්ශ්වයේ නායක මංගල සමරවීර මැතිවරණ කොමසාරස්වරයාගෙන් ඉල්ලා සිටීමට යන බව වාර්තා වේ. 


අධිකරණ නිලධාරීන්, සන්නද්ධ සේවාවල නිලධාරීන්, පොලිස්‌ නිලධාරීන්, ග්‍රාමසේවා ඇතුළු සාම නිලධාරීන්, බන්ධනාගාර නිලධාරීන්, රජයේ සේවයේ නියුක්‌ත මාණ්‌ඩලික හෝ අධීක්‍ෂණ නිලධාරීන් හා මැතිවරණ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු නිලධාරීන්ට දේශපාලන අයිතිවාසිකම් භුක්‌ති විඳීමට හිමිකමක්‌ නැති බව චක්‍රලේඛයක්‌ නිකුත් කරමින් මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක සඳහන් කරයි.

"දේශපාලන අයිතිවාසිකම් භුක්‌ති විඳීමට හිමිකම් නොමැති නිලධාරියකුට තහනම් කටයුතු" මැයෙන් මැතිවරණ කොමසාරිස්‌වරයා වෙනුවෙන් එහි නියෝජ්‍ය කොමසාරිස්‌ ඒ. ඊ. සිරිවර්ධන මහතා විසින් මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත.

මෙම නිලධාරීන්ට මැතිවරණවලට සහභාගි වීම මැතිවරණයට ඉදිරිපත් වන අපේක්‍ෂකයන්ට මොනයම් ආකාරයකින් හෝ ආධාර කිරීම තහනම් වේ. මීට පටහැනිව ක්‍රියා කිරීම සේවයෙන් පහකිරීමේ දඬුවමට භාජනය විය යුතු වරදකි. මෙම නීතිය පාර්ලිමේන්තු මැතිවරණයකදී ජනමත විමසුමකදී හෝ පළාත් සභා මැතිවරණයකදී ද වලංගු වේ.

උසස් රාජ්‍ය නිලධාරීන් වන අමාත්‍යංශ ලේකම්වරුන් වැන්නන්ට ද මෙම නීතිය අදාළ වේ.





Comments

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා