ආරක්ෂාව බල්ලාට දමා නිදහසේ අඩියක් ගැසූ සනත්, ඩිල්ෂාන් මෙන්න ඔබට අපෙන් සුබපැතුම්!

(2009 දෙසැම්බර් 24 - W3Lanka) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සනත් ජයසූරිය හා තිලකරත්න ඩිල්ෂාන් ඇතුළු ක්‍රීඩකයන් සත්දෙනෙක් කළමනාකාර බ්‍රෙන්ඩන් කුරුප්පුගේ හෝ ආරක්ෂක නිලධාරීන්ගේ අවසරයකින් තොරව, ආරක්ෂාවකින් තොරව සිව්වන එක්දින තරගයට පෙර රාත්‍රී 11ට පමණ කල්කටාහි හෝටලයෙන් පිට වී රාත්‍රී වි‍නෝද චාරිකාවක් යාම ආන්දෝලනයට තුඩු දී තිබේ.


මෙම ක්‍රීඩකයන් අතරින් පසුදෙනෙක් ඉක්මණින් ආපසු පැමිණ තිබේ. එහෙත්, සනත් සහ ඩිල්ෂාන් රෑ 2 පමණ වනතුරු මධුවිතෙන් සප්පායම් වී නිදහස භුක්ති විඳ තිබේ.


පුද්ගල නිදහස වෙනුවෙන් ඊනියා ආරක්ෂාවට පයින් ගැසූ ඒ නිදහස්කාමී ක්‍රීඩකයන්ට අපි සුබ පතමු. 


ක්‍රීඩාව මෙන් ම ජීවිතය ද ඇත්තේ විඳින්නට ය.


Comments

  1. පට්ටම පොරවල්නේ..

    /නිශාන්ත

    ReplyDelete
  2. ඒක තමයි අද මැච් එකේ දෙන්නම ෆේල් !

    ReplyDelete
  3. http://www.telegraphindia.com/1091224/jsp/frontpage/story_11903648.jsp

    ඩිල්ෂාන් බිව්වබව නම් පේනවා. හැබැයි සනත් නම් බොන්නෙ නැතිබවයි මම අහල තියෙන්නේ.

    කොහොම වුනත් මේගොල්ලන්ට විනය ක්‍රියාමාර්ග ගැනීමට පරිපාලකයන් ක්‍රියාකළයුතුයි.

    ReplyDelete
  4. සිංහයො එහෙම තමයි. දිනුවත් පැරදුනත් ෆන් එක ෆන් එක...
    සනත් 6 එවා ගහද්දි උඩ පැන පැන අප්පුඩි පින්තූරයටත් වැදපු උන් දැන් එයාට

    ReplyDelete
  5. උලත් එකයී, පිලත් එකයී

    ReplyDelete
  6. තාරැණයයට හෙටක් දැන්වීමට සනත් අකමැත්ත මත එක්වූ බව දැනගන්නට තිබෙනවා. එම දැන්වීම සදහා ජයසූරියට තර්ජන එල්ලවූ බවට.් වාර්තා පළවෙනවා. එවැනි පසුබිමක තමයි ජයසූරිය මෙතෙක් කල් සිටි නීතිගරැක කී%ඩකයාගේ චරිතයෙන් එළියට පනින්නේ. තවත් බොහෝ දෑ ඉදිරියට සිදුවීමට නියමිත බවයි මගේ හැගීම.

    නිවැරදි මිනිසෙක් හොරෙක් කරන්නේද සමාජය විසින්මය. Bycle Thief බලන්න. ඒ වගේම නීතිගරැක කී%ඩකයන් නීතිකඩන තැනට වෙනස් කරන්නේද සමාජ දේශපාලනයයි.

    ReplyDelete
  7. සනත් ජයසුරියයි,මුත්තයියායි අර තාත්තාට හෙටක් හදන්න යන දැන්විමට ගිහින් නාගත්තා,කඩේ යන සීමාවක් තියා ගත්තනම් හොඳයි නේද?අර ප්‍රයිවට් බස් කට්ටිය ගත්ත තිරණයට අපේ ප්‍රණාමය.

    ReplyDelete
  8. Visit following link & vote person who you think be the next president of Sri Lanka.


    http://www.pollpub.com/who-will-be-the-next-sri-lankan-president.aspx

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා