කැනඩාවේ ඊලාම් ජනමතවිචාරණය හෙට



(2009 දෙසැම්බර් 18 - W3Lanka) ලංකාවේ දේශපාලන ප්‍රජාව හා එහි  නායකයන් දශක තුනක යුද්ධයකට හේතු වූ දෙමළ ප්‍රශ්නයට විසඳුමක් සෙවීම ඉවත ලා ජනාධිපති පදවිය දැරීමට සිදුසු යුද වීරයා තෝරමින් සිටින අතරේ ඔවුන්ගේ පා යටින් ඊලාම් අරගලය ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවරකින් ඉදිරියට යමින් ඇත. 

එහි මූලික පියවරක් ලෙස 1976දී දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ විසින් වඩුක්කොඩෛහි පවත්වන ලද සම්මමේලනයේදී සම්මත කර ගැනුණු ඊලාම් රාජ්‍යයක් පිහිටුවීමේ යෝජනාව නැවත බලගැන්වීමේ අරමුණින් ලාංකීය දෙමළ විදෙස්ගත ප්‍රජාව සංකේන්ද්‍රනය වී ඇති රටවල පවත්වාගෙන යන ජනමත විචාරණ මාලාවේ මීළඟ අදියර හෙට කැනඩාවේදී පැවැත්වේ. 

දෙමළ ඊලමක් අවශ්‍ය ද නැද්ද යන ප්‍රශ්නයට එරට වෙසෙන ලාංකීය දෙමළ ජනයා 'ඔව්', 'නෑ' යන පිළිතුරු දීම මෙහිදී සිදු වේ. පසුගිය සතියේ ප්‍රංශයේ පැවති මෙවැනි ජනමත විචාරණයකදී 99%ක් ඡන්දදායකයෝ දෙමළ ඊලමට පක්ෂව ඡන්දය දුන්හ. ඊට පෙර නෝර්වේහිදී ද මෙවැනි මැතිවරණයක් පැවැත්විණි.





Comments

  1. ඒ රටවල තිබෙන විදේශ තානාපති වරු ප්‍රකාශ කරන්න ඕන ඊලාම් රාජ්ජයක් පිහිටුවොත් ඒ අය ඒ රටවල් අතහැර ගොස් පදිංචි ඊලාම් රජ්ජයෙ පදිංචි නොවන වග. ඊලාම් රාජ්ජයක් ඕනද කියල අහන්න ඕන ලංකාවෙ ඉන්න වැසියන්ගෙන්, නැත්නම් ලංකාවෙ ජීවත් වෙන අයගෙ මූලික නිදහස නැතිකිරීමක්.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා