පඹගාල්වල පැටලුණ අය ඒ පාර රණවිරුවන් වෙනුවෙන් පෝරකයට යන්න පෝලිමේ


(2009 දෙසැම්බර් 15 - W3Lanka) කොටි සංවිධානයට එරෙහි යුද්ධයේඅවසන් අදියරේදී භාර වීමට සුදු කොඩි රැගෙන පැමිණි එල්.ටී.ටී.ඊ. දේශපාලන අංශ නායක බී. නඩේසන් සහ එස්. පුලිදේවන් ඇතුළු පිරිස මරා දමන්නට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අණ දුන් බව හිටපු හමුදාපති සහ ජනාධිපතිවරණයේ විපක්ෂ පොදු අපේක්ෂක සරත් ෆොන්සේකා පැවසූ බව සන්ඩේ ලීඩර් පුවත්පත වාර්තා කිරීම් සමග ම ඔහුට එරෙහිව දැවැන්ත විරෝධයක් එල්ල වෙමින් තිබේ. 

ඒ සමග ම පඹ ගාලක පැටලී සිටින ෆොන්සේකා ඊයේ පැවති පුවත්පත් සාකච්ඡ‍ාවකදී කීවේ තමන් එවැන්නක් නො කී බවයි. පුවත්පත තම ප්‍රකාශයක් වැරදි ලෙස වාර්තා කර ඇති බව කී ෆොන්සේකා අදාළ කාල පරිච්ඡේදය තුළදී සිදු වූ සියලු සිදු වීම් සම්බන්ධයෙන් තමන් වගකීම භාර ගන්නා බව පැවසී ය. 

මේ අතර, ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසන්නේ එදා මෙන් හෙටත් රණවිරුවන් වෙනුවෙන් තමා පෙනී සිටින බව සහ රණවිරුවන්ට එරෙහිව එල්ලවන ඕනෑම චෝදනාවක් රාජ්‍ය නායකයා වශයෙන් භාරගෙන පෝරකයට වුවත් යාමට සූදානම් බවයි.


ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ අදහස් පළ කෙළේ වෘත්තීය සමිති නායකයන්, සාමාජිකයන් අරලියගහ මන්දිරයේදී ඊයේ (14) මුණගැසුණු අවස්ථාවේදීය. 

සන්ඩේ ලීඩර් වාර්තාව පිළිබඳ අදහස් දැක්වීම සඳහා එක්සත් ජාතික පෙරමුණ විසින් ඊයේ පවත්වනු ලැබූ මාධ්‍ය සාකච්ඡාවේදී හිටපු ජනරාල්වරයා පමණක් නොව 'ජනරාල්' මංගල සමරවීර ද කෝපයට පත් වී මාධ්‍යවේදීන්ට ප්‍රතිචාර දැක්වූ හ. 


ජාතික නිදහස් පෙරමුණ, ඇසිදිසි විද්වත් සභාව වැනි සංවිධාන ද පුවත්පත් සාකච්ඡා පවත්වමින් සරත් ෆොන්සේකා ද්‍රෝහියකු බව පැවසූ අතර, සරත් ෆොන්සේකාගේ ප්‍රකාශයෙන් ලංකාවේ යුද හා දේශපාලන නායකත්වය පත්වන අනතුරුදායක තත්වය පවා නො තකා හරිමින් එය ජනාධිපතිවරණයේදී වාසි ලබා ගැනීම සඳහා පාවිච්චි කරන අකාරයක් දක්නට ලැබිණි.

මේ වන විට සරත් ෆොන්සේකාගේ ප්‍රකාශයට පුළුල් ජාත්‍යන්තර ප්‍රචාරයක් ලැබෙමින් තිබේ. ඒ සමග ම විදෙස්ගත දෙමළ නායකයෝ ද ප්‍රතිචාර දක්වමින් සිටිති.


He said the Tamil diaspora around the world is writing to the UN, the International Court of Justice and world leaders to put the Sri Lankan president on trial immediately.

"We are drafting our petition and will send it soon to the world leaders, including Canada and India, to put Mahinda Rajapaksa and his men in the dock for war crimes,'' he said.




Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා