ෆොන්සේකාගේ හෙළිදරව්ව යුද අපරාධ චෝදනාවලට ප්‍රබල සාක්කියක්


(2009 දෙසැම්බර් 13 - W3Lanka) කොටි සංවිධානයට එරෙහි යුද්ධයේඅවසන් දිනවල නෝර්වේ ජාත්‍යන්තර සංවර්ධන ඇමති එරික් සෝල්හයිම්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම්ගේ කාර්ය මණ්ඩල ප්‍රධානී විජේ නම්බියාර්, ජනමාධ්‍යවේදිනී මාරි කොල්වින්, ජාත්‍යන්තර රතු කුරුස කමිටුව හා විදේශ අමාත්‍යංශයේ හිටපු ලේකම් පාලිත කොහොන හා ජනාධිපති උපදේශක බැසිල් රාජපක්ෂ වැනි පුද්ගලයන් අතර සිදු වූ සන්නිවේදනයක් හරහා රජයට භාර වීම පිණිස සුදු කොඩි රැගෙන පැමිණි කොටි සංවිධානයේ දේශපාලන අංශ ප්‍රධානී බී. නඩේසන්, ඔහුගේ බිරිඳ, එල්.ටී.ටී.ඊ. සාම ලේකම් කාර්යාලයේ ප්‍රධානී එස්. පුලිදේවන්, සන්නද්ධ නායකයකු වූ රමේෂ් යන අය ඇතුළ භාර වූවන්ට වෙඩි තබා මරා දමන්නැයි එම මෙහෙයුම් භාරව සිටි බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වාට අණ කළේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් යයි විපක්ෂ ජනාධිපති අපේක්ෂක හිටපු හමුදාපති විශ්‍රාමික ජනරාල් සරත් ෆොන්සේකා අද සන්ඩේ ලීඩර් පුවත්පතට ප්‍රකාශ කර තිබේ. 


රජයට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් මතු කරන ලද යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් මෙතෙක් එළි දැක තිබෙන ප්‍රබල ම සාක්ෂිය වන මෙම ප්‍රකාශයත් සමග මහින්ද, ගෝඨාභය, බැසිල් යන රාජපක්ෂ සහෝදරයින්, මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා හා වර්තමානයේ එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන වැනි අය දැඩි ලෙස අනතුරුදායක තත්වයකට මුහුණ දී සිටිති. 

මෙම පුද්ගලයන්ට එරෙහිව මෙන් ම හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට එරෙහිව ද ජාත්‍යක්තර යුද අපරාධ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා වූ ප්‍රබල උද්ඝෝෂණයක් ඉදිරි දින කීපයේදී  මතු වීමට මෙම හෙළිදරව් කිරීම හේතු වනු ඇතැයි විශ්ලේෂකයෝ පවසති. 



යුද ගැටුම් හා සම්බන්ධ එක්සත් ජාතීන්ගේ ජිනීවා ප්‍රඥප්තිය අනුව සුදු කොඩියක් රැගෙන පැමිණ යටත් වූවන් මරා දැමීම බරපතල යුද අපරාධයකි.




Comments

  1. ඕකට තමයී කියන්නේ මෝඩ කම ජෙනරල් කමටත් වඩා ලොකුයී කියලා.

    ReplyDelete
  2. යකෝ මාත් මූට චන්දේ දෙන්න හිටියේ බලාගෙන යනකොට මූ ඔක්කොටම හපන්නේ. වෙනදා වගේ චන්දේ නොදී ඉදීම හොදඉ වගේ. දැන් මෙහෙමනම් මූ ජනාදිපති උනොත් හමුදාවේ 50% ක් විතර ගස්. මහින්දටනම් මොනව උනහම මොකෝ. පොර ගන්ඩ තියන ආතල් අරන් ඉවරයිනෙ.

    ReplyDelete
  3. මුන් ඔක්කොම අපරාධකාරයෝ තමයි. මානුෂික මෙහෙයුම කිව්වට හැම එකාම කරන්නෙ තමන්ගෙ බලය ආරක්ෂා කර ගන්න ඕනිම පාපතර වැඩක් කරන එක. ඇත්තෙන්ම මේ මිනිස්සු ඔක්කොම දේශපාලනය කිරීමට සුදුසුයි. හැබැයි මේ ර‍ටේ ජනතාවනම් ඡන්දයක් පාවිච්චි කරන්න ඉඩ දෙන්න තරම් සුදුසු ජනතාවක් නෙවෙයි. ඒකයි අවුරුදු 64 ක් වෙලත් ජරා දේශපාලුවන්ට මේ රට තමන්ගෙ බූදලයක් කර ගෙන ඉන්න හැකිවෙලා තියෙන්නෙ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා