පෝස්ටර් ගහන ජවිපෙ සාමාජිකයන් බිය වද්දන්න ආණ්ඩුවේ මෙහෙයුමක්
(2009 දෙසැම්බර් 01 - W3Lanka) විපක්ෂ ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකාගේ ප්‍රචාරක ව්‍යාපාරය සඳහා උර දී සිටින ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් බිය වැද්දීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ආණ්ඩුව සූදානම් වෙමින් සිටින බව වාර්තා වේ. 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රචාර ව්‍යාපාරයේ බරින් වැඩි ප්‍රමාණයක් කරට ගත් ජවිපෙ එම සහයෝගය සරත් ෆොන්සේකාට පිරිනමා තිබීම ආණ්ඩුවට ප්‍රශ්නයක් වී ඇති බව ආරංචි මාර්ග පවසයි.
කොළඹ හයිඞ් පිටියේ පැවැත්වුණු ජවිපෙ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ මංගල ජනතා රැලියේ ප‍්‍රචාරක කටයුතුවල නිරත වී සිටි එම පක්ෂයේ. ආධාකරුවන් දෙදෙනකුට අද ඊයේ පෙරවරු 5.00ට පමණ අතුරුගිරිය නගරයේදී ආණ්ඩුවේ මැරයින් දුන් බව ජවිපෙ මාධ්‍ය ඒකකය පවසයි. ප‍්‍රහාරයෙන් තුවාල ලැබූ එක් අයකු අතුරුගිරිය රෝහලට ඇතුළත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලීසිය වෙත පැමිණිලි කර තිබේ. එල් සී - 2914 අංකය සඳහන්ව තිබූ නිල් පැහැති ලොරි රථයකින් පැමිණි මැරයින් 5 දෙනකු පමණ පහරදීමට සම්බන්ධ වී ඇත.
මේ අතර අනුරාධපුර, කඩදොළහ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ කාර්යාලයටද පෙරේදා රාත‍්‍රියේ ආණ්ඩුවේ මැරයින් විසින් පහර දී තිබෙන බව ජවිපෙ පවසයි. කාර්යාලයේ නාම පුවරුව හා එහි ඉදිරිපස තිබූ මල් පෝච්චි කඩා දමා ඇති අතර කාර්යාලයට අලාභ හානි සිදු කර තිබේ. කොළඹ පැවැත්වුණ රැලියට අදාළව අනුරාධපුර නගරයේ අලවා තිබූ පෝස්ටර් හා කටවුට් විනාශ කිරීමටද කටයුතු කර තිබෙන මෙම මැරවරයින්ගමන් කර ඇත්තේ ඩබ්. පී. ජී. ජී. 9417 අංකය සඳහන්ව තිබූ ඩිපෙන්ඩර් රථයකින් බව ජවිපෙ පවසයි.
එමෙන්ම වැලිමඩ නගරයේදීද විපක්ෂයේ. පොදු අපේක්‍ෂක සරත් ෆොන්සේකා මහතාට සහාය පළ කිරීමේ පෝස්ටර් අලවමින් සිටියදී වැලිමඩ ප‍්‍රාදේශීය සභාවේ හිටපු ජ.වි.පෙ. මන්ත‍්‍රී අනුර කරුණාරත්න වැලිමඩ පොලිසිය විසින් ඊයේ අලූයම 2.30ට පමණ අත්අඩංගුවට ගෙන තිබේ.

maru wade
ReplyDeleteඔව් ඉතිං එදා මහින්ද මහත්තයාට පෝස්ටර් ගහගන්න ශ්‍රී.ල.නි.ප. එකෙක්වත් හිටියේ නෑවන්.කොටින්ම චන්ද්‍රිකා මැතිණියත් මහින්ද මහත්තයාට දිනන්න වැඩ කළේ නෑ.එහෙව් එකේ හැමදේම කරල දුන්නෙ ජ.වි.පෙ. කොල්ලො ටික.මුල අමතක කරන අයටනම් වැඩි ආයුෂ නෑ.
ReplyDelete