දූෂණයට එරෙහි එන්නතක් සොයා ගන්නා තුරු ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන නැවිත්විය යුතු නැත.


(2009 දෙසැම්බර් 27 -W3Lanka) මාස කීපයක් නවතා තිබුණු ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන 2010 ජනවාරි01 සිට යළි ආරම්භ වන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. 

මෙම වැඩසටහන නතර කරනු ලැබුවේ පසුගිය ඔක්තෝබරයේදී වාරියපොළ 12 හැවිරිදි පාසල් සිසුවියක් රුබෙල්ලා එන්නත විදීමෙන් පසු මිය යාමෙන් පසුවයි. ඊට පෙර මාර්තු මාසයේදීද මාතරදී ද මෙවැනි ම මරණයක් සිදු විය. 


මෙම සිදුවීම් සමග ම සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආනයනය කරනු ලබන එන්තත් ප්‍රමිතියෙන් බාල බවට චෝදනාවක් එල්ල විය. 


රජයේ සියලු සැපයුම් කොන්ත්‍රාත් පිටුපස මෙන් ම වෛද්‍ය සැපයුම් පිටුපස ද කොමිස් ජාවාරම් ඇති බව රහසක් නොවේ.


එහෙත්, ලංකාවේ ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන නැවැත්වීමට එය හේතුවක් නොවේ. නැවැත්විය යුත්තේ ප්‍රතිශක්තිකරණය නොව දූෂණයයි. 


අවාසනාවට මෙන් දූෂණයට එරෙහි ප්‍රතිශක්තිය ලංකාවේ රාජ්‍යයට හා දේශපාලන ප්‍රජාවට නැත. ඒ සඳහා එන්නත් කළ යුතුව තිබෙන්නේ ශිෂඨකරණය, ප්‍රජාතන්ත්‍රකරණය හා දේශපාලන සවිඥානකත්වය යන එන්නත් ය. 


සමාජය මේ එන්නත් විද ගන්නේ නම් හොරුන් ජනාධිපතිවරුන්, ඇමතිවරුන් වන්නේ නැත.



Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා