ජනාධිපති තාත්තා වෙනුවෙන් නාවික නිලධාරි පුතා ප්‍රචාරයේ


(2009 දෙසැම්බර් 30 -W3Lanka) ශ්‍රී ලංකා නාවික හමුදාවේ දෙවන ලුතිනන්වරයකු වන ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙවෙනි පුත් යෝෂිත රාජපක්ෂ 1950 නාවික හමුදා පනත උල්ලංඝනය කරමින් ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්වීම් අමතමින් සිය පියා වෙනුවෙන් ප්‍රචාරක කටයුතුවල යෙදෙමින් සිටින බව ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසයි.


මේ පිළිබඳව නාවික හමුදාපතිවරයා වෙතින් කරුණු පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වන බව ද දිසානායක පවසයි.


ලංකාවේ පොතේ ඇති නීතිය අනුව කිසිදු හමුදා නිලධාරියකු දේශපාලනයේ යෙදීම තහනම් ය. ජනාධිපතිවරයාගේ පුතාට ඒ සඳහා විශේෂ අවසරයක් තිබේ යයි එහි සඳහන් වන්නේ නැත.

Comments

  1. ලංකාවේ මීලග ජනාධිපතිවරයා කවුද?
    පහත වෙබ් අඩවියට පිවිස ඔබේ මතය දක්වන්න.

    http://www.pollpub.com/who-will-be-the-next-sri-lankan-president.aspx

    ReplyDelete
  2. වරුණ, මෙහි ලිපි වලට spam comment දමන්න එපා

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා