රාජපක්ෂලා, ෆොන්සේකලා කරන්නේ ඌරන්ගේ මාළු ඌරන්ගේ ඇඟේ තියා ඌරන් ලවා ම කප්පවා ගැනීම බව ඌරෝ නො දනිති


(2009 දෙසැම්බර් 31 -W3Lanka) එක් ජනකතාවක අසූචි තවරා ගත් ඌරෙක් සිංහයකු සටනට අභියෝග කරයි. සිංහයා ඌරා දෙස බලා මඟ හැර යයි. ඒ ඌරා සමග සටන් කිරීම තමන්ට මදිකමක් ලෙස සලකමිනි.

පසුගියදා ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ ජනාධිපතිවරයාට විවාදයකට විවෘත ආරාධනයක් කළේ ය. එක්කෝ ජනාධිපතිතුමාට එදා විමල් හෝ ඩලස් හෝ මේ ඌරු කතාව මතක් කර දුන්නේ නැත. නැතිනම් ජනාධිපතිතුමා තමන්ට හා තම පවුලට සුබ අනාගතයක් උදා කර දීමට උදව් කළ සොමවංශට ප්‍රසිද්ධියේ ඌරා කියන්නට තරම් අශිෂ්ඨ වූයේ නැත.

නොබෝදා බෑණාගේ අවි ජාවාරම් ගැන විවාදයකට එන්නැයි විමල් වීරවංශ ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකාට අභියෝග කළ විට ජවිපෙ මන්ත්‍රී අනුර කුමාර දිසානායකට මේ ඌරු කතාව මතක් විය. ඔහු පැවසුවේ සිය පක්ෂ නායකවරයා කළ අභියෝගයට උරෙකු පිළිතුරු දී ඇති බවයි.


මේ ඌරා මීට වසර කීපයකට පෙර ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයකු, ප්‍රචාරක ලේකම් හා පාර්ලිමේන්තු කණ්ඩායම් නායක විය. මේ ඌරා දිගු කලක් සිටි ජවිපෙ දේශපාලන මණ්ඩලය ද එසේ නම් නරා වලක් ම විය යුතු ය. අනුර කුමාර දිසානායක ද ඒ ඌරා සමග ඒ වලේ ලැග සිටි අයෙකි. එහෙයින් ඔහු ද ඌරකු විය යුතු ය.

“බොරු කතා කියල මේ විවාදය මඟ හරින්න එපා. සත්තුන්ගෙ නම් කියල සත්තුන්ට අපහාස කරන්න එපා,” යි විමල් වීරවංශ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී කීවේ ය. එය මේ යුගයේ යමෙකු සත්ව හිමිකම් පිළිබඳ කර ලද විශිෂ්ඨ ම ප්‍රකාශය වන්නා සේ ම වීරවංශ විසින් කරන ලද එක ම ස්වයං විවේචනය ද වේ. අනුර කුමාර දිසානායක එය පිළි ‍නො ගතහොත් ඔහු ද සිය වර්ගයාට කරන්නේ මහත් අපහාසයකි.



එහෙත්, සිදුවෙමින් තිබෙන දේ පිළිබඳව මාක්ස්වාදීන් ලෙස අපි කණගාටු වෙමු. නිර්ප්‍රභූ නිර්ධන පංතික සම්භවයක් සහිත මේ පුද්ගලයන් ධනේශ්වර දේශපාලක ප්‍රභූන්ගේ බහිස්‍රාවයන්ගෙන් පෝෂණය වන නියම ඌරන් බවට පත් වී ඇත. උන් එකිනෙකාගේ ඇඟේ තැවරී ඇති අසූචිවලට හිනා වෙමින් සිටින අතර රාජපක්ෂලා, ෆොන්සේකලා කරන්නේ ඌරන්ගේ මාළු ඌරන්ගේ ඇඟේ තියා ඌරන් ලවා ම කප්පවා ගැනීම බව ඌරෝ නො දනිති.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා