ක්‍රිකට්වලදී මෙන් ම දේශපාලනයේදී ද ඉන්දියාව කරන්නේ ප්‍රතිවාදියාට නරක තණතීරු සැපයීමයි



(2009 දෙසැම්බර් 28 -W3Lanka) ලංකාවත්ඉන්දියාවත් අතර ඊයේ දිල්ලියේදී පැවැත්වීමට නියමිතව තිබුණු පස්වන එක් දින ජාත්‍යන්තර තරගය මුලින් පන්දුවට පහර දෙමින් සිටි ලංකා කණ්ඩායමේ 24වන ඕවරයේ තුන්වන පන්දුවෙන් අවසන් විය. ඉන්දියාව විසින් සපයා තිබුණු පර්වතයක් වැනි අනතුරුදායක තණ තීරුවේ ක්‍රීඩා කිරීම ලංකාව විසින් ප්‍රතික්ෂේප කරන ලදී. තරග තීරක විසින් මෙම විරෝධය පිළි ගන්නා ලදී.‍


කුපිත වූ ප්‍රේක්ෂකයෝ පු‍ටු පොළවේ දමා ගසද්දී බැටන් පොලු ගත් පොලිසිය ද තරගයට අවතීර්ණ විය. ප්‍රේක්ෂකයන්ට ඉන්දියාව දිනනවා පමණක් නොව තරග කරනවා ද බලන්නට අවශ්‍ය විය. 


තරග දිනීම සඳහා ආගන්තුක කණ්ඩායමට නරක තණ තිලි පිරිනැමීම හා ඒ අනුව තම ක්‍රීඩක සංචිතය සකසා ගැනීම ඉන්දියාවේ ක්‍රිකට් ජයග්‍රහණයන්ගේ සූත්‍රය වන්නේ යම් සේ ද දේශපාලනයේදී ද සිය කලාපීය ආධිපත්‍යය සඳහා ඔවුන් අනුගමනය කරන උපාය මාර්ගය වන්නේ අනෙකා‍ගේ බෙල්ල කැඩෙන සේ තණ තීරුව වණ කිරීමයි. 

මේ සඳහා හොඳ ම නිදසුන ලංකාවේ ජාතීන්ගේ ප්‍රශ්නය කෙරෙහි ඉන්දියාවේ ප්‍රවේශයයි. කඳවුරු, පුහුණුව සහ අවි ආයුධ පවා සපයමින් කලක් දෙමළ ජාතිකවාදී සන්නද්ධ බලවේග පෝෂණය කළ ඉන්දියාව ඇමරිකන් ගැති ජේ.ආර්.ජයවර්ධන දවා ගැනීමෙන් පසු ඊළඟට යොමු වුණේ තමන් විසින් ම පෝෂණය කරන ලද දෙමළ ජාතිකවාදී බලවේග දවා ගැනීමටයි. අනතුරුව, සිංහල අධිපතිවාදී කොළඹ ආණ්ඩුවේ පැත්ත ගත් ඉන්දියාව සටන්කරුවන්ගේ හා සිවිල් වැසියන්ගේ ජීවිත ගැන අබමල් රේණුවක් හෝ නො තකා කරන ලද ලංකාවේ ආණ්ඩුවේ අසම්මත යුද්ධය ඉවසා සිටිමින් දෙමළ සන්නද්ධ බලවේග පරාජය කළේ ය.


එහෙත්, තිස් වසරකට පසුවත් ලංකාවේ ජාතීන්ගේ ප්‍රශ්නය එහෙම ම ඉතිරි වී තිබේ. මේ මොහොතේදී ද එය ලංකාවේ ඉදිරි ගමනට තිබෙන ප්‍රධාන ම බාධකයයි. ඉන්දියාව කලාපයේ ආධිපත්‍යය තහවුරු කර ගන්නේ අසල්වැසි රටවල තණතිලි මේ අන්දමින් කඩතොලු කිරීමෙනි.


අසල්වැසි පකිස්තානය, බංග්ලාදේශය හෝ නේපාලය සම්බන්ධයෙන් පවා තත්වය එසේ ම ය.

Comments

  1. ලංකාවේ මීලග ජනාධිපතිවරයා කවුද?
    පහත වෙබ් අඩවියට පිවිස ඔබේ මතය දක්වන්න.

    http://www.pollpub.com/who-will-be-the-next-sri-lankan-president.aspx

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා