රාජ්‍ය තොරතුරු කේන්ද්‍ර වෙබ් අඩවියේ සේවා පුළුල් කෙරේ.



(2009 දෙසැම්බර් 09 - W3Lanka) ජනතාවට රාජ්‍ය අංශයෙන් සැපයෙන සේවා මෙන්ම තොරතුරු දැන ගැනීමට ස්ථාපිත කර තිබෙන රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ (1919) නිල වෙබ් අඩවිය තව දුරටත් පුළුල් කිරීමට ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පියවර ගෙන ඇත.

මේ අනුව රාජ්‍ය ආයතන සියයකට අයත් සේවා දහසක් පිළිබද තොරතුරු හා උපදෙස් මෙම වෙබ් අඩවිය ඔස්සේ ජනතාවට ලබා ගත හැකිය.


එසේම රාජ්‍ය ආයතනයකින් සැපයෙන සේවාවන් පිළිබදව තමන්ට සෑහීමකට පත්වීමට නොහැකිනම් ඒ පිළිබදව පැමිණිලි කිරීමටද හැකිවන ආකාරයෙන් වෙබ් අඩවියේ පහසුකම් පුලුල් කර තිබෙන බවද නියෝජිතායතනය සදහන් කරයි.


ශ්‍රි ලංකාව තුල සංවර්ධන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන ආයෝජකයින්ට අවශ්‍යය කෙරෙන තොරතුරු මෙන්ම ඒ සදහා ලියාපදිංචි වීමේ පහසුකම් ද වෙබ් අඩවිය ඔස්සේ ලැබෙන තවත් පහසුකමකි.


රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයට දිනකට ලැබෙන දුරකතන ඇමතුම් ගණන දහස ඉක්මවා තිබෙන අතර දුරකතනය ඔස්සේ මෙම තොරතුරු කේන්ද්‍රය ඇමතීමට අපහසු පිරිස් වලට වෙබ් අඩවිය ඔස්සේ අන්තර් ක්‍රියාකාරී ලෙස තොරතුරු ලබා ගැනීමට දැන් හැකි වේ.


සිංහල දෙමළ සහ ඉංග්‍රිසි යන භාෂා ත්‍රිත්වයෙන්ම මෙම වෙබ් අඩවිය ඔස්සේ තොරතුරු හා සේවා ජනතාවට ලබා ගත හැකි අතර www.gic.gov.lk මෙම වෙබ් අඩවි ලිපිනය වේ.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා