කැනඩාවේ ඊලාම් ජනමතවිචාරණයේ ප්‍රතිඵල


(2009 දෙසැම්බර් 21 - W3Lanka)ලාංකික දෙමළ ජාතිකයන් එක් ලක්ෂ පනස් දාහක් පමණ ජීවත් වන කැනඩාවේ සෙනසුරාදා පවත්වන ලද ඊලාම් ජනමතවිචාරණයේදී 48,583ක් දෙනා අතරින් 99%ක්දෙමළ ඊලමකට පක්ෂව ඡන්දය දුන් බව වාර්තා වේ.


එම ජනමතවිචාරණයේදී 'ඔව්' හෝ 'නැහැ' යන පිළිතුර දීම සඳහා ඉදිරිපත් කරන ලද ප්‍රශ්නය මෙසේ ය."ශ්‍රී ලංකා දිවයිනෙහි ජීවත් වන දෙමළ ජනයා වෙන ම ජාතියක් ය, ඔවුන්ට සම්ප්‍රදායික නිජබිමක් ඇත, ස්වයං නිර්ණ හිමිකම තිබේ යන පදනම මත දිවයිනේ උතුරු නැගෙනහිර ප්‍රදේශයෙහි නිදහස් හා ස්වෛරී දෙමළ ඊලාම් රාජ්‍යයක් පිහිටුවීම සඳහා මම කැමැත්ත පළ කරමි." “I aspire for the formation of an independent and sovereign state of Tamil Eelam in the north and east of the island of Sri Lanka on the basis that the Tamils in the island of Sri Lanka make a distinct nation, have a traditional homeland, and a right to self-determination.”


පසුගිය සතියේ ප්‍රංශයේ ද මෙවැනි ම ජනමත විමසුමක් පැවැත්වුණ අතර, මාස කීපයකට පෙර නෝර්වේහිදී ද පැවැත්විණි. ඒවායේ ප්‍රතිඵල ද මේ හා සමාන ය. මැතිවරණ සාධාරණ ආකාරයකට පැවැත්වුණ බව එම රටවල ආරංච් මාර්ග පවසයි.


කොටි සංවිධානයේ පරාජයෙන් පසු විදෙස්ගතව සිටින කොටි හිතවතුන් හා දෙමළ ජාතිකවාදීන් විසින් මෙම ජනමත විමසුම පවත්වන ලද අතර, ඒ ඔස්සේ දෙමළ ඊලාම් අරගලයේ පදනම වූ 1976දී දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ වඩුක්කොඩෛ සම්මේලනයේදී සම්මත කර ගනු ලැබූ යෝජනාව නැවත පණ ගන්වා ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ දෙමළ ඊලාම් අරගලය ඉදිරියට ගෙන යාම මෙම ක්‍රියාමාර්ගයේ අරමුණයි.





Comments

  1. අවංකවම මෙහි විවෘතභාවයක් තිබුණේ නෑ, ඒ වගේම මේ දෙකට අමතරව වෙනත් මනාපයකුත් තිබුණේ නෑනේ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා