ළමා සොල්දාදුවන් දෙමව්පියන්ට භාර දෙන්න -එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත


(2009 දෙසැම්බර් 13 - W3Lanka) යුද සමයේදී මානසික වශයෙන් පීඩාවට පත් වූ ළමා සොල්දාදුවන් පුනරුත්ථාපන කඳවුරුවලදීට වඩා හොඳින් සිය දෙමාපියන් සමග යළි එකතු වීමෙන් යථා තත්වයට පත් කළ හැකි බව පසු දින නිල චාරිකාවක් සඳහා ලංකාවට පැමිණ සිටින ළමයින් සහ සන්නද්ධ ගැටුම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත මේජර් ජනරාල් පැට්‍රික් කැමර්ට් පවසයි. 

කොටි සංවිධානය විසින් බලෙන් බඳවාගෙන යුද්ධයට යොදවන ලද ළමයින් 300ක් පමණ හමු වූ හේ පවසන්නේ ලෝකයේ වෙනත් තැන්වල භාවිතාවන් විසින් පෙන්වා දී ඇත්තේ ළමයින් සිය ප්‍රියයන් සමග ජීවත් වීමෙන් ක්ෂතිමය අත්දැකීම්වලින් වඩා හොඳින් සුවය ලබන බවයි.


රජයේ අවතැන් කඳවුරුවල සිටින ළමයින්ගේ ජීවිත ද අවදානම් බව ඔහු පවසයි.



මානුෂීය ආධාර සංවිධානවලට මෙම කඳවුරු තවමත් තහනම් ස්ථාන වන අතර එක්සත් ජාතීන්, ජාත්‍යන්තර රතු කුරුස කමිටුව හා ළමාරක්ෂක සංවිධානය වෙත මෙම කඳවුරු තුළට පිවිස පවුල්වලින් වෙන් කරනු ලැබ හා වෙනත් ආකාරවලින් අසරණව සිටින ළමයින්ට උදව් කිරීමට ඉඩ දිය යුතු බව පැට්‍රික් කැමර්ට් පවසයි.





Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා