ජාතික රූපවාහිනියට අනුව ජනාධිපතිවරණයට නාම යෝජනා භාර දුන්නේ මහින්ද විතර ද?

(2009 දෙසැම්බර් 18 - W3Lanka) 2010 ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම සජීවීව විකාශය කිරීමේ අවසරය ලත් එකම නාලිකාව වූ මහජන මුදලින් නඩත්තු වන ජාතික රූපවාහිනිය රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ නාම යෝජනා භාර දීම වැඩි අවධානයකට ලක් වන අන්දමින් හා ඇතැම් ජනාධිපති අපේක්ෂකයන් කෙරෙහි අවම අවධානයක් යොමු වන සේ කටයුතු කිරීම නිදහස් සහ සාධාරණ මැතිවරණ සඳහා ව්‍යාපාරය විසින් මැතිවරණ කොමසාරිස්වරයාගේ අවධානයට යොමු කර තිබේ. 

මේ පිළිබඳ ජනාධිපතිවරණ අපේක්‍ෂකයින් විසින් ද මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කර තිබේ. 

ආණ්ඩුව විසින් පාලනය කරනු ලබන මහජන දේපල වන ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය (අයි.ටී.එන්)  හා ලේක් හවුස් පුවත්පත් සමාගම ජනාධිපති මහින්ද රාජපක්ෂ පමණක් මෙම ජනාධිපතිවරණයට ඉදිරිපත් වන එකම අපේක්‍ෂකයා ලෙස හුවා දැක්වීම ගැන විපක්‍ෂය පසුගිය කාලය පුරාම දැඩි විරෝධතාවයක් ඉදිරිපත් කළේය. මේ තත්වයට එරෙහිව විපක්‍ෂ අපේක්‍ෂක සරත් ෆොන්සේකා ඉදිරිපත් කළ පෙත්සමක් මේ වන විටත් ශේෂ්ඨාධිකරණයට යොමු කර තිබේ.




Comments

  1. S.Prabhashini via email:

    "Commissioner has mistaken the terms" govt." state" when he referred to media during his speech.He has forgotten the fact that state media is run by public funds and there's no such thing called govt. owned media. That is why it is wrong to misuse it. But according to him, either both media should be controlled or or liberalised, which is a wrong statement"

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා