අරගියගහමැදුරේ ඡන්ද ප්‍රචාරක කාර්යාලය මැතිවරණ නීති අමු අමුවේ උල්ලංඝනය කරයි

(2009 දෙසැම්බර් 17 - W3Lanka) එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති ධූරාපේක‍ෂක මහින්ද රාජපක‍ෂ මහතා අරලියගහ මැදුරේ පවත්වාගෙන යන සිය ප්‍රධාන මැතිවරණ ප්‍රචාරක මධ්‍යස්ථානය වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දමන්නැයි නියෝග කරන ලෙස එක්සත් ජාතික පෙරමුණ මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතාගෙන් ඉල්ලා සිටියි. 


නිදහස් හා සාධාරණ ජනාධිපතිවරණයක් සහතික කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විපක‍ෂය කළ ඉල්ලීම් කිහිපයක් කෙරෙහි මැතිවරණ කොමසාරිස්වරයා ඇල්මැරුණු ස්වරූපයෙන් වුවත් දක්වා ඇති ප්‍රතිචාරය ගැන සතුට පළ කරන එක්සත් ජාතික පෙරමුණ, නාම යෝජනා අවසන් වීමත් සමගම ඔහු විසින් නියෝග නිකුත් කරනු ලැබිය යුතු තවත් අංශ ගණනාවක් පෙන්වා දී ඇත. මෙයින් ප්‍රධාන තැනක් ගන්නේ ජනාධිපතිවරයාගේ නිල නිවාසය වන අරලියගහ මන්දිරයේ මේ දිනවල සිදු වන ඡන්ද ප්‍රචාරක කටයුතු වහාම නතර කිරීමේ අවශ්‍යතාව බව එම පෙරමුණ අවධාරණය කරයි.

වත්මන් ජනාධිපතිවරයා සිය නිල නිවස ලෙස යොදා ගෙන ඇත්තේ ජනාධිපති මන්දිරය වෙනුවට අග්‍රාමාත්‍ය වරයා සඳහා වෙන් වුනු අරලියගහ මන්දිරයයි. නිදහසින් පසුව මේ රටේ සිටි සියලූ අග්‍රාමාත්‍යවරුන්ගේ සම්භාවනීය නිල නිවාසය වූ අරලියගහ මන්දිරය මෙතරම් නිර්ලජ්ජිත ලෙස මැතිවරණ දේශපාලනය සඳහා යොදා ගත් තවත් යුගයක් නොවීය.

ජනාධිපතිවරයා පදිංචිව සිටින්නේ මෙම නිල නිවසේ බැවින් සිය දෛනික නිල රාජකාරි කටයුතුවලට අමතරව පක‍ෂ දේශපාලනයට අදාල ඇතැම් රැස්වීම් හා සාකච්ඡා එහි පැවැත්වීම තේරුම් ගත හැකිය. ජනාධිපතිවරයා සිය පහසුව හා ආරක‍ෂාව සඳහා තම නිවසේ සිටම එවැනි සීමිත දේශපාලන කටයුත්තක නිරත වීම ගැන කිසිවෙකුත් විරුද්ධ වන්නේ නැත. එහෙත් මහා පරිමාණ ඡන්ද රැස්වීම්, ඡන්ද උත්සව ඡන්ද ප්‍රිය සම්භාෂණ සහ මැතිවරණ සංදර්ශන සඳහා අරලියගහ මැදුර යොදා ගැනීමට කිසිදු නීතිමය හෝ සදාචාරාත්මක අයිතියක් ජනාධිපතිවරයාට නැත.

දහස් ගණනකට එකවර අසුන් ගත හැකි යෝධ ශාලා දැන් අරලියගහ මන්දිර භූමියේ ඉදි කර ඇත. විවිධ ෙක‍ෂ්ත්‍රවලට අයත් විවිධ තරාතිරමේ පිරිස් දිනපතාම මෙම ශාලාවලට කැඳවනු ලබන අතර ජනාධිපතිවරයා ඔවුන් ඉදිරියේ දේශපාලන කථා පවත්වයි. මේ පැමිණෙන පිරිස්වලට රජයේ මුදලින් සංග්‍රහ නොකළ යුතු බව විපක‍ෂය පෙන්වා දීමෙන් පසු ජනාධිපති කාර්යාලය දැන් කියන්නේ මේ සඳහා රජයෙන් කිසිදු මුදලක් වැය නොවන බවයි. එසේ නම් එම මුදල් වැය කරන්නේ කවුද? දහස් ගණන් පිරිස් හැසිරවීම සඳහා වැය වන ආරක‍ෂක වියදම්, වැනි ජනාධිපති කාර්ය මණ්ඩලයේ අමතර රාජකාරි හා විදුලිබලය, දුරකථන සහ ලිපි ද්‍රව්‍ය වැනි අංශ සඳහා වැය වන වියදම් දරන්නේ කවුද? 

එක්සත් ජාතික පෙරමුණ මැතිවරණ කොමසාරිස්වරයාට පෙන්වා දෙන්නේ අරලියගහ මන්දිරයේ සිට කෙරෙන මෙම මැතිවරණ ප්‍රචාරක කටයුතු සම්පූර්ණයෙන්ම නීති විරෝධී බවයි. එය ජනාධිපතිවරණ නීති රීති අමු අමුවේ උල්ලංඝනය කිරීමකි. මෙයට අමතරව රජයේ මුදලින් පඩි ලබන ජනාධිපති කාර්යාලයේ නිලධාරින් සහ විශේෂයෙන්ම, ජනාධිපති මාධ්‍ය අංශයේ නිලධාරින්ද ඡන්ද ප්‍රචාරක වැඩට යොදවාගෙන ඇත.
 


Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා