ජනාධිපති නිල උත්සවවලට මුවා වෙමින් ඡන්ද ව්‍යාපාරයේ


වැටත් නියරත් ගොයම් කා නම් කාට කියමි ද ඒ අමාරුව?
(2009 දෙසැම්බර් 15 - W3Lanka) සුහද හමුවීම්, රාජ්‍ය නිල උත්සව හො රාජ්‍ය නිලධාරීන් සමඟ පවත්වන නිල රැස්වීම්වල මුවාවෙන් සිදු කෙරෙන ඡන්ද ප‍්‍රචාරක කටයුතු වහාම නතර කරන ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්‍ෂක මහින්ද රාජපක්‍ෂ මහතාට නියෝග කරන්නැයි එක්සත් ජාතික පෙරමුණ මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටියි. 

පසුගිය දින ගණනාවක් මුළුල්ලේ ජනාධිපතිවරයා අරලියගහ මන්දිරයේ පවත්වන දේශපාලන රැුස්වීම්
හා පි‍්‍රයසම්භාෂණ මැතිවරණ නීති රීති අමු අමුවේ උල්ලංඝනය කිරීමකි. දෙදහසකට අධික මාධ්‍යවේදීන් පිරිසක් අරලියගහ මන්දිරයට කැඳවා මත්පැන්වලින් පවා සංග්‍රහ කළ ජනාධිපතිවරයා ඉන් දින දෙකකට පසුව කලාකරුවන් විශාල පිරිසක්ද අරලියගහ මන්දිරයට කැඳවූයේ ය.

ඉකුත් 13 වනදා පොලිස්පතිවරයා ඇතුළු පන් දහසක් පමණ වන පොලිස් නිලධාරින් අරලියගහ මන්දිරයට කැඳවු ජනාධිපතිවරයා ඔවුන් ඉදිරියේ පොලීසිය අපක්‍ෂපාතිව කි‍්‍රයා කිරීමේ වැදගත්කම ගැන ජනාධිපතිවරයා කථා කළ බව මාධ්‍ය වාර්තා කර තිබුණි. මේ අන්දමින් පොලිස් නිලධාරින් අරලියගහ මන්දිරයට කැඳවා දේශන හා පි‍්‍රයසම්භාෂණ පැවත්වීම මැතිවරණ නීතිය අමු අමුවේ
උල්ලංඝනය කිරීමකි.  

ඉදිරියේදී  නැවත වරක් සිනාමා කලාකරුවන් කැඳවීමට කටයුතු යොදා ඇති බව දැනගන්නට ලැබී
තිබේ. රාජ්‍ය චිත‍්‍රපට සංස්ථාවේ ලිපි ශීර්ෂවල ලියු ආරාධනා පත‍්‍ර මගින් සිනමා ශිල්පීන් චිත‍්‍රපට සංස්ථාවට කැඳවීමට යන බව දැනටමත් සැලවී තිබේ. ඔවුන් එහි කැඳවන්නේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ගරු සැලකිලි දැක්වීම සඳහාය. 

මෙයට අමතරව සියලූ බැංකු නිලධාරින් ද ලබන සතියේ අරලියගහ මන්දිරයට කැඳවා තිබේ. රේගු නිලධාරින්ද මේ අන්දමින්ම කැඳවීමේ උත්සාහයක් තිබු නමුදු රේගු නිලධාරින්ගේ වෘත්තිය සමිතිය ඒ පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයාගේ අවධානය යොමු කරවීම නිසා අවසාන මොහොතේ මෙම ප‍්‍රිය සම්භාෂණය අවලංගු කිරීමට ජනාධිපති කාර්යාලයට සිදු විය. ඉදිරියේදී පරිපාලන නිලධාරින්ද, රාජ්‍ය අංශයේ සෙසු නිලධාරින්ද මේ අන්දමින් අරලියගහ මන්දිරයට කැඳවා සංග‍්‍රහ පැවැත්වීමට නියමිතය. 

විධායක ජනාධිපතිවරයාට නීතියෙන් රිංගායමින් මෙවැනි නිල උත්සව පැවැත්වීමට හැකියාව ඇතත් කිසිදු සදාචාරාත්මක දේශපාලන නායකයෙකුට ඒ අයුරින් කටයුතු කළ නොහැකි බව ද ජනාධිපතිවරයාම රාජ්‍ය දේපළ සහ රාජ්‍ය බලය අයුතු ලෙස පාවිච්චි කරමින් ඡන්ද ව්‍යාපාරයේ නිරතව සිටින බව ද මීඩියා වොච් ආයතනය පෙන්වා දෙයි.


මේ තත්වය වැලැක්වීම සඳහා මැතිවරණ කොමසාරිස්වරයා කි‍්‍රයා කළ යුතු අතර, එහිලා මැතිවරණ කොමසාරිස්වරයා පොළඹවා ගැනීමට රටේ සියලූ සිවිල් සංවිධාන හා ජනතාව පෙළ ගැසිය යුතු බව ද එම සංවිධානය පෙන්වා දෙයි.





Comments

  1. ඔය සෙල්ලම ගියපාරත් කලානේ
    මොකෝ ඉතින් අතින් පයින් යන එකක්යෑ

    ReplyDelete
  2. අන්තිමට මැතිවරණ කොමසාරිස් මහින්දගේ නාම යොජනාව ප‍්රතික්ශේප කලොත් තමා වැඩේ ! අනේ සාදු !!!

    ReplyDelete
  3. මහින්ද යනු ජීවමාන බොරුවකි,මට නම් පෙනේ මිනිහාගේ ‍රැවුලත් බොරු එකක්,එකත් අලවලාද කොහේද.

    ReplyDelete
  4. මුඵ මහත් ජනතාවම තමන් සමග බව කියාගන්නා ඓතිහාසික ජයක් ලබන බව වන්දිභට්ටයන් ලවා 24 පැයේම කියවාගන්නා මහරජතුමා ටිකක් බයවෙලා වගේ සිංහාසනය අහිමිවෙයි කියල. හික් හික්

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා