ජනාධිපතිවරණයේ දී රාජ්‍ය සම්පත් හා සේවකයන් අනිසි ලෙස යොදා ගැනීම ඉඩ නොදෙමු - පීපල්ස් මාච්

(2009 දෙසැම්බර් 17 - W3Lanka) රට ප‍්‍රජාතන්තී‍්‍රයකරණයට ලක් කොට සමාජය තුළ යුක්තිය හා සාධාරණත්වය ස්ථාපිත කිරීම සඳහා සටන් වදින සංවිධානයක් වන පීපල්ස් මාච් ජනාධිපතිවරයා රජයේ සම්පත් හා රාජ්‍ය සේවකයන් අනිසි ලෙස සිය ඡන්ද ව්‍යාපාරය සඳහා යොදා ගැනීම දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.


සම්පූර්ණ නිවේදනය මෙසේ ය.



ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් කළ පසුගිය නොවැම්බර් 23 දා පටන් ම රාජ්‍ය මාධ්‍ය ඇතුඵ රජයේ සියලූ දේපළ ජනාධිපතිවරයා විසින් සිය ප‍්‍රචාරක කටයුතු සඳහා උපරිම අයුරින් යොදා ගනිමින් සිටින්නේ මැතිවරණ නීති ද දේශපාලන සදාවාරය ද අමු අමුවේ උල්ලංඝනය කරමිනි.


යුක්තිය, සත්‍යය, සාධාරණය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන තොරතෝංචියක් නැතිව දේශනා කරන ජනාධිපතිවරයා මැතිවරණ නීතියට සපුරා පටහැනිව කොළඹ අගනුවර සිට ඈත පිටිසර ගම්මාන දක්වා තමාගේ ම රුව රැුගත් යෝධ කටවුට් දහස් ගණනක් සවි කරවා ගෙන ඇති අතර සෑම තාප්පයක් ම තමාගේ පෝස්ටරවලින් වස්සවා ගෙන ඇත. මෙම ප‍්‍රචාරක කටයුතු සඳහා විශාල වශයෙන් යොදා ගෙන ඇත්තේ රාජ්‍ය සම්පත් හා රාජ්‍ය සේවකයන් බව රහසක් නොවේ.


එසේම ආණ්ඩුව සිය බලය ප‍්‍රති පක්ෂ අපේක්ෂක කාර්යාලවලට පහර දීම, ඔවුන් බියගැන්වීම, ඔවුන්ගේ රැුස්වීම් බලපත‍්‍ර හිටි අඩියේ අහෝසි කිරීම ආදිය සඳහා ද යොදා ගනිමින් සිටී.


ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් කළ දින සිට ම ජනාධිපති නිල නිවසේ දිනපතා රාජ්‍ය සේවකයන්, කලාකරුවන්, මාධ්‍යකරුවන්, නීතිවේදීන්, ආරක්ෂක අංශ සාමාජිකයන් හා පාක්ෂිකයන් රැස්කර ප‍්‍රචාරක කටයුතු කරමින් ඉහළම මට්ටමේ සංග‍්‍රහ පවත්වමින් කරෙන භෝජන සංග‍්‍රහ සහ ගමන් පහසුකම් සැලසීම ආදිය සඳහා රුපියල් දශ ලක්ෂ ගණන්වලින් වැය කෙරේ. මෙය මහජන මුදල් අයථා පරිහරණයක් මෙන්ම මානසික අල්ලස් දීමක් ද වේ.


ආයතන සංග‍්‍රහය යටතේ කිසිදු රාජ්‍ය නිළධාරියකු ඡන්දය දීම හැර මැතිවරණ කටයුතුවල නියැලීම බරපතල විෂමාචාරයක් බව මැතිවරණ කොමසාරිස්වරයා දැනටමත් කර ඇති නිවේදනය කෙරෙහි ද කිසිදු සැලකිල්ලක් නොදක්වමින් මෙම කටයුතු නොකඩවාම කර ගෙන යනුයේ ඊට ද අභියෝග කරමිනි.


මෙය ප‍්‍රතිපාක්ෂිකයන්ගේ අයිතීන් උල්ලංඝනය කිරීමක් පමණක් නොව ඡුන්ද දායකයාට තොරතුරු දැනගැනීමට තිබෙන අයිතිය සහ එම තොරතුරු කිරා මැන බලා නිදහස්ව තීරණයකට ඒමට තිබෙන අයිතිය අමු අමුවේ උල්ලංඝණය කිරීමක් හා පැහැර ගැනීමක් ද වේ.


ආණ්ඩුවේ මේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී, සදාචාර විරෝධී හා අවනීතික භාවිතය දැඩි ලෙස පිටු දකින අපි මෙවැනි ක‍්‍රියාවලට එරෙහිව පෙළ ගැසෙන ලෙස සියළු ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේග වෙත සහෝදරාත්මකව ආයාචනය කර සිටිමු.



Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා