එස්. බී. ගියේ ශ්‍රීලනිපයේ බලය අල්ලන්න


(2009 දෙසැම්බර් 09 - W3Lanka) එස්. බී. දිසානායක හදිසියේම ජනපතිට සහාය දෙන්නැයි කියමින් ශ‍්‍රීලනිපයට එක්වුයේ ජනපති සටනින් මහින්ද රාජපක්‍ෂ අනිවාර්යයෙන්ම පරාජය වන බැවින් අනාගතයේදී ශ‍්‍රීලනිප යේ බලය අල්ලා ගැනීමේ හැකියාවක් ඇති බවට කෙරුණු ඉඟි කිරීමක් මත බව තතු දත් ආරංචි මාර්ග සඳහන් කරන බව එක්සත් ජාතික පක්ෂයේ සියරට පුවත්පත පවසයි.


මෙවර ජනාධිපතිවරණ සටනින් අනිවාර්යයෙන්ම සරත් ෆොන්සේකා ජය ගන්නා බවත්, ඔහු ජය ගත් සැණින් ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ සහ බැසිල් රාජපක්‍ෂ යන සහෝදරයන් දෙදෙනාත්, ඩලස් අලහප්පෙරුමත් රට පනින සුදානමක් ඇති බවත්, එවිට ශ‍්‍රිලනිපය තුළ බලය අල්ලා ගැනීම පහසු බවත් එම නිසා එස්බී ගියේ ශ‍්‍රීලනිපයේ බලය උදුරා ගන්නය බවත් සියරට පවසයි.


වහාම ශ‍්‍රිලනිපයට ඒමෙන් ඔහුගේ දේශපාලන අනාගතය ජයගත හැකි බව අරලිය ගහ මන්දරය පැත්තෙන්ම වටහාදීමෙන් පසු දිසානායක මෙම හදිසි පියවර ගත් බවත් සියරට පවසයි. තමා ශ‍්‍රිලනිපයට ගිය පසු මෛත‍්‍රිපාල සිරිසේන ඇතුළු ශ‍්‍රිලනිප ජේෂ්ඨයන් එම තනතුරුවලින් පන්නා දමන සැටි තමා දන්නේ යැයි දිසානායක තම හිතවතකු සමග පවසා ඇති බව ද, එසේම ජනපතිවරණයෙන් පරාජය වුවහොත් මහින්ද රාජපක්‍ෂ යළි විපක්‍ෂ නායක ලෙස පාර්ලිමේන්තුවට යෑමට අදහසක් නැති බැවින් එම තනතුර ලබා ගැනීම කෙරෙහිද එස්බීගේ අවධානව යොමුවී ඇති බව පැවසේ.

එස්.බී. දිසානායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම්වරයෙකි. 


Comments

  1. සහතික ඇත්ත. එස් බී බලා‍ගෙන හිටියෙ යූඇන්පී එක වැටෙයි කියලා බලේ අල්ලගන්න. දැන් වෙන සිද්ධි දිහා බලනකොට ජෙනරාල් නිසා ආයෙත් යූඇන්පී එකට බලය ලැබෙනවා. දැන් බලය අල්ලන්න ලේසිම තැනට තමයි එස් බි පැන්නේ.

    ReplyDelete
  2. mage amme...
    hithala thiyena dura...danna dewal..balamuko...apith inne lankaawene :D

    Oya wedata kiyanna political prostitution kiyala..Party ekak widihata JVP eka karanneth okama thama :D

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා