විජේදාස රාජපක්ෂගෙන් ඇරඹෙන්නේ ගිලෙන නැවෙන් මීයන් පැනිල්ල ද?


(2009 දෙසැම්බර් 02 - W3Lanka) එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන ආණ්‌ඩුවේ වැට උඩ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්‍ෂ අද (02) එක්‌සත් ජාතික පෙරමුණ සමග එක්‌ වීමට නියමිත ය. 

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් ඉවත්වීමට හේතු සහ සරත් ෆොන්සේකා මහතාට සහාය දැක්‌වීමට හේතුවන කාරණා ද අද පවත්වන විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු අනාවරණය කරයි.

මේ අතර, ආණ්ඩුවේ සිට විපක්ෂ සන්ධානයට පනිනු ඇතැයි කියන ඇමතිවරුන් ගණනාවක් පිළිබඳව ආරංචි පැතිරේ. ඒ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල ම තනතුරක් දරන්නකුගේ ද නම තිබේ. ඔහු පක්ෂයෙන් පැන්නීම සඳහා වැඩියෙන් ම උවමනාව ඇත්තේ එම තනතුරට කෙළ හළමින් සිටින රාජපාක්ෂිකයකුට බව ද දැන ගන්නට ඇත.


පසුගිය සමයේ එජාපයෙන් ආණ්ඩුවට පැන ගත් පිරිස අතරින් ඇතැමෙක් ද මේ වන විට යළි පිල් මාරු කිරීම පිළිබඳ සලකා බලමින් සිටිති. ඔවුන් අතරින් එක් අයෙක් වෙන ම පක්ෂයක් සාදාගෙන තිබෙන්නේ ද මේ සඳහා කේවෙල් කිරීමට යයි වාර්තා වේ.


සුළුතර ප්‍රජාවන් නියෝජනය කරන ඇමතිවරුන් ගණනාවකගේ නම් ද පනින්නන්ගේ ලැයිස්තුවේ ඇත.




Comments

  1. නෑ හොම්බෙන් යන නැවට පාත්තයන් පැනීම

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?

මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල

එළියකන්දේ වැසිකිලි සැප