ඒ-9 පාරේ අලුත් කොටි කවුරුද?

(2009 දෙසැම්බර් 29 -W3Lanka) 2002 සටන් විරාමයෙන් පසු ඒ-9 පාර විවෘත වූ විට බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක් වූ කරුණක් වූයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය එම මාර්ගයේ ගමන් කළ වාහනවලින් හා ප්‍රවාහනය කරන ලද භාණ්ඩවලින් බදු අය කිරිමයි. 


දැන් ප්‍රභාකරන් හෝ කොටි සංවිධානය නැත. එහෙත් ඒ-9 පාරේ අලුත් ත්‍රස්තවාදයක් බිහි වී ඇති බව එක්සත් ජාතික පක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිනී ජයවික්‍රම පෙරේරා පෙන්වා දෙයි. 


ඒ අනුව, නම් නො කරන ලද විශේෂ පුද්ගලයෝ ඒ-9 පාරේ ගමන් ගන්නා බස් රථවලින් එක් ගමන් වාරයකට රු. 50 බැගින් වු බද්දක් අය කරති.


එජාප මන්ත්‍රීවරයා පවසන පරිදි මෙම පුද්ගලයෝ තුන් ලක්ෂයක් වූ අවතැන් වූවන් වෙනුවෙන් ආහාර සැපයුම් සිදු කළ අයගෙන් ද අධික කොමිස් ලබා ගත්හ. ඔහු කිය පරිදි බිත්තරයකින් අය කළ කෙමිස් මුදල රු.3කි.

මේ අලුත් ත්‍රස්තවාදීහු කවරහුද?



Comments

  1. හිහ් හිහ් හී.... කව්ද කියලා දන්නවනේ ඉතින්.....

    ReplyDelete
  2. ඕවා කොමිස් නෙමෙයි වසන්තය උදා කරන්න ගන්න ආධාර

    ReplyDelete
  3. අපි දන්නේ නෑ, හඩ්සන් ගේන් හරි මහින්ද අබේසුන්දරගෙන් හරි අහන්න.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා