රජයට සහය නො දෙන TMVP දේශපාලන මණ්ඩල තීරණය එක කෝල් එකෙන් ඉවරයි

(2009 නොවැම්බර් 30 - W3Lanka) නැගෙනහිර පළාත් සභා පරිපාලනයේ දී යම් යම් අඩුපාඩු තිබුණත් තමන්ගේ න්‍යාය පත්‍රයේ එය දෙවෙනි තැනට දමා ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය පළමු තැනට ගෙන ක්‍රියා කරන බව නැගෙනහිර මහ ඇමති ශිවනේසතුරෛ චන්ද්‍රකාන්තන් පවසයි. ඔහු මෙම ප්‍රකාශය කිරීමට පෙර ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඔහුට කතා කර තිබේ.

නැගෙනහිර මහ ඇමති සිවනේසතුරෛ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෛයන්ගේ නායකත්වයෙන් සිකුරාදා රැස් වූ දෙමළ මහජන විමුක්ති කොටි හෙවත් TMVP දේශපාලන මණ්ඩලය 15න් 13ක් ලෙස ඡන්දය දෙමින් ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂට සහාය නො දීමට තීරණය කළ බව එම පක්ෂයේ මහ ලේකම් එඩ්වින් සිල්වා කෛලාසරාජා පැවසූ බව ඊයේ සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කළේය.

රාජපක්ෂ ආණ්ඩුව නැගෙනහිර පළාත් සභාව පිහිටවූ දා සිට ම නැගෙනහිර මහ ඇමති පිල්ලෛයන්ගේ බලතල පාලනය කළ අතර, නැගෙනහිර පළා‍තේ සංවර්ධන කටයුතුවලදී හා රැකියා දීම් ආදී කාර්යයන්හිදී ඔහු කොණ් කරන ලදී. පසුගිය වසර එකහමාරක කාලය තුළ තමනට වැඩක් කිරීමට නො හැකි වූ නිසා ජනතාව අතරට යා නො හැකි බව TMVP කලින් කීවේය.




Comments

  1. ඔන්න ක්‍රිෂ්ණගේ තාවකාලික මානසික සුරතාන්තය ඉවරයි. පිල්ලෙයාන් මහින්දට උදවු කරනවලු

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා