සවුදියේදී හිස ගසා දැමුවේ සිව් දරු මවක්: විදේශ රැකියා කාර්යාංශය අත සෝදා ගනියි
(2009 නොවැම්බර් 06 - W3Lanka) දින කීපයකට පෙර සවුදි අරාබියේදී මරණ දඩුවමට ලක් කරනු ලැබූ හලීමා අබ්දෙල්කාදර් නම් ශ්‍රී ලාංකික කාන්තාව ත්‍රිකුණාමලයේ කින්නියා ප්‍රදේශයේ පදිංචිව සිට මීට වසර කිහිපයකට පෙර ගෘහ සේවිකාවක වශයෙන් සේවය කිරීම සඳහා සෞදි අරාබිය බලා පිටත්ව ගිය දෙදරු මවක බව ද පසුව ඇය සමග හිසගසා දැමුණු ඉන්දියානු ජාතිකයා සමග ඇති කරගත් ප්‍රේම සබඳතාවක් හේතුවෙන් ඔහුට දාව ද එම කාන්තාවට තවත් දරුවන් දෙදෙනකු ලැබ තිබුණු බව ද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
වූ ඇය විදේශගතවීමෙන් අනතුරුව නීත්‍යානුකූල රැකියා ස්ථානයෙන් පැන ගොස් වෙනත් ස්ථානයක රැකියාව කරමින් සිට තිබේ.
ඇගේ පෞද්ගලික ජීවිතය පිළිබඳ මෙම කරුණු නිශේධාත්මක ස්වරූපයකින් ඉදිරිපත් කරන විදේශ සේවා නියුක්ති කාර්යාංශය එම කාන්තාවගේ මව එරටට පිටත්කර හැර අධිකරණය ඉදිරියේ අභියාචනයක් ගොනුකිරීමට කාර්යාංශය පියවරගත් බව පවසා අත සෝදාගෙන ඇත.
එහෙත් ඇම්නෙස්ටි ජාත්‍යන්තරය පවසන්නේ අරාබි බසින් පැවති නඩු විභාගයේ කුමන අදියරකදීවත් මෙම නඩුවේ විත්තිකරුවන්ට නීති සහායක් නො ලැබුණ බවයි. ඇය සමග ඇගේ වත්මන් ස්වාමි පුරුෂයාගේ ද බංඩාරනායක නම් තවත් ශ්‍රී ලාංකිකයකුගේ ද හිස ගසා දමන ලදී.
එහෙත් ඇම්නෙස්ටි ජාත්‍යන්තරය පවසන්නේ අරාබි බසින් පැවති නඩු විභාගයේ කුමන අදියරකදීවත් මෙම නඩුවේ විත්තිකරුවන්ට නීති සහායක් නො ලැබුණ බවයි. ඇය සමග ඇගේ වත්මන් ස්වාමි පුරුෂයාගේ ද බංඩාරනායක නම් තවත් ශ්‍රී ලාංකිකයකුගේ ද හිස ගසා දමන ලදී.
සෞදියේ බ්‍රීමන් සිරකඳවුරු තුළ ජීවත් වූ මියගිය කාන්තාවගේ දරුවන් ඇයගේ ඉල්ලීම පිට මෙරටට ගෙන්වා දීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මීට ඉහතදී පියවර ගත් බව ද කාර්යාංශය පවසයි.
ලංකාවේ අධිකරණ ඇමති ද මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට පක්ෂ ය. එහෙත් ජනාධිපති මහින්ද රාජපක්ෂ එයට විරුද්ධ බව පෙනේ. සිය සැමියාගේ අනියම් භාර්යාව හා ඇගේ සේවිකාව මරාදැමීමේ චෝදනාවට වරදකරුව මරණ දඬුවමට ලක්ව සිටි මේරි ජුලියට් මොනිකා ප්‍රනාන්දු නම් වූ රජයේ වතු කළමනාකාර හා සංවර්ධන ඇමති මිල්රෝයි ප්‍රනාන්දුගේ භාර්යාව 2009 ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් විශේෂ ජනාධිපති සමාවක් යටතේ නිදහස් කිරීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය. මෙම කාන්තාව 1991දී කරන ලද වරදට 2005දී තව තිදෙනෙකු සමග මරණ දඬුවමට ලක් කරනු ලැබ සිටි අතර මීට කලින් ජනාධිපතිවරයා ඇයගේ දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් බවට අඩු කර තිබිණි.
ඇය නිදහස් කිරීමත් සමග සමාන බරපතල අපරාධ කර තිබුණු තවත් කාන්තාවන් 12දෙනෙකු ද නිදහස් කරන ලදී. ඔවුන් අතර, ලංකාවට මත් කුඩු ගෙන ආ විදේශික ගැහැණු දෙදෙනෙක් ද වූහ.
ඇය නිදහස් කිරීමත් සමග සමාන බරපතල අපරාධ කර තිබුණු තවත් කාන්තාවන් 12දෙනෙකු ද නිදහස් කරන ලදී. ඔවුන් අතර, ලංකාවට මත් කුඩු ගෙන ආ විදේශික ගැහැණු දෙදෙනෙක් ද වූහ.
සවුදි අරාබිය කියන පරිදි සවුදියේදී ඝාතනයට ලක් වූ දුප්පත් හලීමා අබ්දෙල්කාදර් කර ඇත්තේ සවුදි කාන්තාවකගේ නිවසේ සේවය කරමින් සිට එම නිවසට හොරෙන් ඇතුළු වී එම කාන්තාවගේ හුස්ම හිර කර මරා දමා මුදල් හා රන් ආභරණ කොල්ල කෑමට පිරිසකට උදව් කිරීමයි.
මීට පෙර සවුදියේදී මරණ දඬුවම නියම වී දැන් අභියාඩනා කර සිටින රිසානා නෆීක්ට සාධාරණ නඩු විභාගයක් නො ලැබුණු බව ලංකාවේ බොහෝ දෙනාගේ මතයයි.
ලංකාවේ දෙවන ප්‍රධාන විදේශ ආදායම් උත්පාදන මාර්ගය වන්නේ නූගත් ගැමි ගැහැනුන් ගෘහ සේවිකාවන් ලෙස අපනයනය කිරීම ප්‍රධාන කොට ගත් විදේශ රැකියායි.
විදේශ රැකියා කරන්නන් වෙනුවෙන් ලංකාවේ ඇමතිවරු ගණනාවක් සිටින අතර, ඒ වෙනුවෙන් ම ඔවුහු බොහෝ රට සවාරි යති.
(ඡායාරූපයේ සිටින්නේ බාල වයස්කාරියකව සිටියදී කළේ යයි කියන වරදකට සවුදි අධිකරණයක් විසින් මරණ දඬුවම නියම කර ඇති රිසානා නෆීක් නම් කාන්තාවගේ මව හා දියණියන් දෙදෙනෙකි. දැන් ඇගේ නඩුව නැවත ඇසෙමින් තිබේ. ඒ අවසාන මොහොතේදී රාජ්‍ය නො වන සංවිධාන කීපයක් මැදිහත් වී ඇය වෙනුවෙන් අභියාචනයක් ඉදිරිපත් කිරීමට මැදිහත් වූ නිසා ය. සිව් වසරක් තිස්සේ ඇය සවුදියේ සිර ගෙයක ය. ඇය වෙනුවෙන් කතා කළ සියලු දෙනාට දැන් ඇය අමතක ය.)

Comments
Post a Comment
මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.