විශ්වාසය කඩ වුණා නම් වහා ම යන්න; අනෙක් ප්‍රකාශ ගැන උත්තර පසුව - ජනාධිපති ලේකම් සරත්ට කියයි

(2009 නොවැම්බර් 16 - W3Lanka) ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරෙන් ඉල්ලා අස්වීම සඳහා ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා කළ ඉල්ලීමට ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා යැවු ලිපිය මෙසේ ය.

ශ්‍රී ලංකා යුද හමුදාවෙන් විශ්‍රාම යාමට ඉල්ලුම්කරමින් 2009 නොවැම්බර් මස 12 වැනි දින ඔබ විසින් එවන ලද ලිපිය ලැබුණු බව දැනුම් දීමට අතිගරු ජනාධිපතිතුමා මට නියෝග කර තිබේ.


ඒ අනුව, ශ්‍රී ලංකා යුද හමුදාවෙන් විශ්‍රාම යාමට ප්‍රමාදයකින් තොරව ඉඩ ලබාදෙන බව දන්වන ලෙස අතිගරු ජනාධිපතිතුමා මා හට නියෝග කර ඇත. විශ්‍රාම යාමට නියමිත දිනයේ සිට වැඩිපුර වසර හතරක් ඔබ සේවයේ නිරතව සිටි බැවින් ප්‍රමාදයකින් තොරව විශ්‍රාම යාමට අවසර දෙන අතර ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි තනතුරේ රාජකාරි කටයුතු නතර වනු ඇත. 

ජනාධිපතිතුමාත්, ආණ්ඩුවත් ඔබ කෙරෙහි තැබූ විශ්වාසය මේ රටේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියකු වශයෙන් කඩ වී ඇති බවට ඔබ විසින්ම විශ්වාසය කරන නිසා මෙම තීරණයට එළැඹිණි. 

ඔබ විසින් එවන ලද ලිපියේ සඳහන් අනෙකුත් විවිධාකාර ප්‍රකාශ සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය පසුව දන්වන්නැයි ජනාධිපතිතුමා දැනුම් දී ඇත.

ජනරාල් සරත් ෆොන්සේකා අද දින සිය තනතුරෙන් විශ්‍රාම ගැනීමට නියමිත ය. 




Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා